(රෝහණ චන්ද්‍රදාස)
පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
යුදහමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත සිදු කළ සෝදිසි කිරීමක දී අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ දී මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම පොලිස් සැරයන්වරයා වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත නාවික හමුදා බුද්ධි ඒකකය විසින් බාරදෙනු ලැබ සිටී.
අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට උතුරුමැද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් පොලිස් සැරයන්වරයා පැය 24 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග නිකුත් කරනු ලැබ ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ ඉහල එවුන්ම අපරාධ කරන කොට පහුවෙලා එන අය කොහොම හදන්නද?
මුලු ලංකාවට කනපිට හරවලා , සද්ධා කරලා ගන්ඩ වෙයි වගේ