( පද්මසිරි ගාර්දියවසම්)
පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි
සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ පුතාට බැණවැදී ඇති අතර නිවෙස තුල දහවල් කෑම කමින් සිටි පුතා බැණ වැදීමට හේතුව විමසීමට නිවෙසින් එලියට පැමිණීමේදී වෙඩිතැබීම සිදු කර තිබේ.
වෙඩි තැබූ පියා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි . වෙඩි පහර තුවාල කරුගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්‍රදේශයට වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd