
(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.
මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.
එහිදී ඔහු අවන් හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටි ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.
ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිලිස්සීයාම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී මිය ගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පැවසූහ.
මිය ගිය අයගේ අවසන් කටයුතු අද (12) බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටෙන්න යන වෙලාව අල්ලගන්න පුළුවන් එකම දේ හැටියට ආසන්නම බොයිලේරුව රඳවනය තියෙන්න ඇති. පවු, වටිනා තරුණ ජීවිතයක්... මොන තරම් බලාපොරොත්තු පවුලේ අය සහ තරුණයා ළඟ තියෙන්න ඇද්ද? ඔහුට නිවන් සුව පතමි.