
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව රට පුරා ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වයට විසඳුමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තෙක් රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු තීරණ සහ පියවර අත්හිටුවිය යුතු බව ද කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශ්වයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැකි බව ද සඳහන් කරයි.
රජයට අයත් ඇතැම් වත්කම් හා ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් හටගෙන ඇති බවද හිටපු ජනාධිපතිවරයා නිවේදනයෙන් සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියවන්න දෙයක් නැහැ ,ආණ්ඩුව තාම කරන්නේ ඉතින් පොහොට්ටුව ,රනිල් ව ජනාධිපති කලෙත් පොහොට්ටුව .ඉතින් බොරු ෂෝ දාලා වැඩක් නැහැ මොලේ තියන එකෙක් ඕක දන්නවා
රටම බන්කොලොත් කෙරුවා. අධිකරණයෙන් වරදකරු වෙච්චි. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු තමුන්ගේ කතාවලින් දැන් ඵලක් නැහැ..
මරු කියවනවා. ඔය විකුණපු ඒවා ඔක්කෝම ආපහු ගන්න හැටි බලාගන්න පුළුවන් අනාගතයේදී. ආපහු ගන්න බැරි ඒවා තියෙනවා නම්, ඒවා වෙනුවට වෙනත් දේශීය ආයතනවලට අයත් විකල්ප යොදාගෙන දියුණු කරනවා. එතකොට බලාගන්න පුළුවන් යන්න බැරි කට්ටිය යන හැටි.. හැබැයි ඒ විදේශීය ආයතන පටන් ගන්න ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට දුන්නු කොමිස්, ඒවා දුන්නේ කාටද? කොහොමද? කොපමණද? කියන දේවල් අනිවාර්යයෙන්ම එලියට එනවා. අනිවාර්යයෙන්ම හොරු කූඩුවට දානවා.
මුළු රටම හොරාකාපු හොරෙක් කතාකරයි.
එතකොට කාටද මේක කියන්නේ..? අපටද.. ඕකට මාධ්‍ය නිවේදන ඕනද.? කෙලින්ම කියහල්ලකෝ ලොල්ලටම .. මේවා නිකන් ආයෙත් චන්ද බලාගෙන තේරුමක් නැතුව කියන පුස් දේවල්..
මෙන්න මේ මිනිස්සු නින්දෙන් නැගිටලා. පක්‍ෂයේ නායකයා කියනවා එයාලගේ ආණ්ඩුව රජයේ සම්පත් විකුණනවා කියලා. එතකොට කැබිනට් ඒකෙ ඉන්නේ අපිද? ආණ්ඩු පක්‍ෂයේ ඉන්නේ අපිද? අලුත් නාට්‍යක් රගපාන්න වගේ හදන්නේ කට්ටිය.
පාන්දර 2ට කෙරවලපිටිය විදුලි බලාගාරේ විකුණන්න ගිවිසුම් අත්සන් කරන්න ගිහින් නාගත්තේ... වයස නිසා මතක නැතුව ඇති...!
ඡන්ද කාලයක් ලංවෙන කොට කොහොමත් මැදමුලන මයිනගේ කටට පණ එනවා. අළු ගසාදාලා හැරමිටිය පිහිටෙන් කෙළින් වෙලා, මොකක් හෝ පරණ කථාවක් හමස් පෙට්ටියෙන් ඇදලා අරගෙන, රටටම ඇහෙන්න කියවන්න පටන් ගන්නවා.. Fail මලයා අරගලයට බයෙන් මහ රෑ පස්ස දොරින් රටින් පැනලා ගියදා ඉඳන් අද වෙනතුරු මයිනාට ඔය වැදි බණ දෙසන්න අමතක වුනේ මොකද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා...
ඔයා ඉන්නවා නේද? ඔය විකුණන නායකයා නොහොත් මිස්ටර් විකොනොමිස්ට් වැඩි ඡන්දෙන් පත්කර ගත්තු එකසිය ගානක දියවන්නා කට්ටිය. සම්මත කර ගන්නකෝ... ඔය විදියට විකුණනන්න බැහැ කියලා පනතක් ඔච්චරම රුදාවක් තියෙනවා නම් නිකම් මේ අපි ඉස්සරහ බොරු සුදනා වෙන්නේ නැතුව...!
කවුද අනේ මෙයාගේ මාධ්‍ය ප්‍රකාශ අහන අය, අර බේරෙවැවේ නාපු අය තමා ඇහුවොත්... මරු කියවනවා.
මෙයා 2019 බලයට එනකොට කිව්වේ මෛත්‍රී රනිල් ආණ්ඩුව විකුණපු හම්බන්තොට වරාය ඇතුළු රාජ්‍ය ආයතනවල් නැවත රජයට පවරා ගන්නවා කියලා ඇවිල්ලා, ඉන්දියානු අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්න උත්සාහ කරපු මිනිහා දැන් හොඳ කෙනෙක් වගේ රඟපානවා. එදා ජවිපෙ සහ වෘත්තීය සමිතිවල විරෝධතාවය නිසා අත්හරින්න වුණා. තවද යුද හමුදා මූලස්ථානය ඇතුළු ඇමෙරිකානු පොර්ට් සමාගමට අක්කර දහස් ගණන් සින්නක්කර ලියපු කෙනා තමයි අද මෙහෙම කියන්නේ...
මේවා මහින්ද කඳුළු...?
1977 සිට රාජ්‍ය දේපළ විකුණන්න නම් දරාගෙන හිටපු රනිල්ට රට බාරදීලා, දැන් බයිලා ගහලා බබා වෙන්න හදනවා..
කතා වැඩක් නැහැ. රනිල් කරන්නේ රාජ්‍ය දේපල විකුණලා දාන එක. ඔබතුමා රාජ්‍ය දේපළ විකුණලා දාන එකට කැමැති නැත්නම් ඊළඟ ජනජනාධිපතිවරණයට රනිල්ට උදව් කරන්න එපා. රාජ්‍ය දේපල විකුණන්නේ නැති කෙනෙකුට උදව් කරන්න. සරලයි....
ශ්‍රී ලංකන් එයා ලයින්ස් රජයට පවරාගෙන සභාපතිකම මස්සිනාට දීලා එයා රජයට කරපු අලාභය විතරක් කොච්චරද? ඔයාලා ගහපු එයාබස් ඩීල් එකෙන් කොච්චර හොරා කෑවාද? හිතුවද අපි මැරිලා නැගිට්ටා කියලා..!
මයිනෙක් කතා කරයි
රාජ්‍ය දේපොල ආරක්ෂාව කර ගන්න ඇත්ත උවමනාවක් මෙයාට තියෙනවා නම් කරන්න තියෙන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කරන එක නොවෙයි, රනිල් හමුවෙලා එයාගේ මුහුණට කියන එකයි, ඒකට එයා සවන් දෙන්නේ නැත්නම් තමන්ගේ පක්ෂයට හිමි පාර්ලිමේන්තුවේ බහුතරය පාවිච්චි කරලා ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනල්ලා ජනාධිපතිගේ බලතල සීමා කරලා රටට පෙන්විය යුතුයි තමන්ගේ ඇත්ත ස්ථාවරය එහෙම නොකර මාධ්‍ය නිවේදන නිකුත් කරලා රටට ගොන් ආතල් දෙන්න පුළුවන් කියලා මහරාජාණන්ට හිතෙනවා නම් සොරිම තමයි.
විකිණුවොත් සල්ලි ටිකක් ලැබෙනවා... බංකොලොත් කරලා සල්ලි හිඟාකන්නේ
මේවා හරි අපරාධ හාමුදුරුවනේ.මම බලයේ ඉද්දි ඕවා කරන්න ඉඩ තිබ්බේ නැහැ.අපි කෙලින්ම ශාන්ගිරිල්ලා එක ගහන්න ගෝල්ෆේස් එකේ තිබුන හමුදා මුලස්ථානය චිනාට වික්කා. සල්ලි ටික වැඩිපුර ආරක්ෂාවට බැසිල් මලයා තියාගත්තා.සුනාමි කාලේ ඔය එක එක රටවල් වලින් ඩොලර් ආධාර ලැබුනා , මම ඒවා වැඩි පුර ආරක්ෂාවට නංගිගේ බැංකු එකවුන්ට් එකේ දැම්මා.මොකද ආරක්ෂාව කියන දෙය හරි වැදගත් , දවසක අපිට බැරිවුනාම ගන්න තියෙන්න එපැයි.හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන්තොටුපොලෙන් එහෙම මුදල් අරගෙන අපේ පවුලේ මතු ආරක්ෂාවට තිබ්බා. නෙලුම් කුලුනෙනුත් ගානකට කෙලියා හාමුදුරුවනේ,එහෙම නැතුව බැහැනේ , මම රටේ ප්‍රධානියා. ප්‍රධානියා හොඳට කාලා බිලා ඇඳලා ජොලියෙන් කාමේසු මිච්චාචාරා පාරක් දාගෙන හිටියමනේ රටේ ශ්‍රී විභූතිය ලෝකෙටම පෙනෙන්නේ. ඒකටත් එක්ක දැන් ඉන්න උන් .. උන් පට්ට හොරුනේ හාන්දුරුවනේ.
මුගේ බයිලා.ඕවට රැවටෙන්නේ හරක් විතරනේ
මෙයා දිව දෙකේ දෙපත් නයක් වගේ වීස ශරීරය පුරාම... මෙතන ඕවා කියලා, ඕකට පරස්පර දේවල් කරන්න සහයෝගය දෙනවා
විකුණන්න එපා මේකට හොරා කන්න තියපල්ලා . මෙිකා රටෙිම තිබුනු දේවල් හොරා කෑවා තවත් මදි හෙනම ගහල යන්න ඕන. ඇවිද ගන්නත් බැහැ .තවත් හොරා කන්න
රට හොරා කාලා තවත් නිවේදන නිකුත් කරනවා .කොහෙන් හිනා වෙන්නද මන්දා
විකුණන් කන යෝජනාවලට ඇතුළදී අත් දෙකම උස්සලා දැන් මේ බයිලා කියනවා.
රජයේ දේවල් විකුණන්න එපා කියලා මහත්තයා කියන්නේ මගේ කොල්ලො තුන්දෙනාටත් විකුණාගෙන කරන්න දෙයක් අවශ්‍ය නිසා තමයි...