(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී ඇති බවත් විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ සහ උපදේශ නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ ප්‍රතිපාදන සැලැක්ස්මක් චක්‍රලේඛනයක් ඔස්සේ නිකුත් කර තිබියදී විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුහරණ ප්‍රශ්න තුනක් සහ රචනා ප්‍රශ්න තුනක කොටස් තුනක් මෙසේ ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇති බවද ගුරුවරු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරු සූදානම් කරල දරුවන්ට දීලා තිබුන ප්‍රශ්න පත්‍ර වලට වෙනස් ඒවා දුන්නම ටියුෂන් කාරයින් හා පංති පැවැත්වීම කළ අයට පැවැත්ම නැතුව යනවා ඒක තමයි වෙන්න ඇත්තෙ.දැන් කාලයේ සෑම සියලු දෙනාම කරන්නෙ ප්‍රායෝගිකව ඉගැන්වීම නොවෙයි පැරණි ප්‍රශ්න පත්‍ර හා උත්තර පත්‍ර කටපාඩම් කරවීම පමණයි ඒක නිසා ගුරුවරු ඔහොම කියනවා ඇති