
(බන්දු තඹවිට)
ළදරු කිරිබෝතල් බහාලුමක සඟවා තිබූ අත් බෝම්බ දෙකක් සහ පතුරම් තොගයක් සමග සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ රියැදුරුකු වැලිපැන්න සිරිසඳ ,කොලැහැකඩ,නවුත්තුඩුවේ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ මෙවා සොයාගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් ,ටී.56 වර්ගයේ පතුරම් 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 2 ක් ,බෝර 12 පතුරම් 02 ක් සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා සාමාන්‍ය දේවල් ඡන්දයක් ළංවෙනකොට අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැහැ.
මේ වගේ සිල්ලර නාට්‍ය පෙන්නුවාට කමක් නැ.. පාස්කු පුහාරය වගේ නම් කරන්න එපා හොදේ.....