
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
සැකකරුවන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළයතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි බව ද කියයි.
අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කැපුම් තුවාල ලැබූ සේවකයා ප්‍රතිකාර ලබාගෙන ඇත.
අදාල වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 7 ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවද පොලිසිය පවසයි.
තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් කොල්ල කා පලා ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබලි යකඩ ගන්න කඩ පවා මංකොල්ල කන තරමට ඒ මංකොල්ලකාරයො දෙකේ කොලේට වැටිලා
යුක්තිය ඉවරද?
යුක්තිය යනු ටිරාන් විසින් දේශබන්දුගේ පිට කැසීමත්, දේශබන්දු විසින් ටිරාන්ගේ පිට කැසීමත් පමණි. අමතරව පොලීසියට ටාගට් දී ඇත. ඒවා බැංකු මූල්‍ය හෝ නිශ්පාදන ආයතන වලට ටාගට් දෙනවා වැනිය, නඩු සහ අපරාද අල්ලන බව පෙන්වීම එම ටාගට්ය, ඒවාට ඔබද ගොදුරු විය හැක. මහ මග යතුරු පැදියෙන් යන ඔබට මේ අත්දැකීම ලැබිය හැක. එහෙත් මේ පුවත් වැනි පුවත්වල අඩුවක් නැත.