
(බන්දු තඹවිට)
ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.
ඉත්තෑපාන සහ මීගම යාකරන මීගම ගඟේ පාලම අසලින් එම ගඟේ ඉවුරේ පිහිටි අතුරු මාර්ගයක මෙම යතුරු පැදිය දමාගොස් ඇත.
මෙම යතුරුපැදිය සොයා ගන්නා විට එහි අංක තහඩු දෙකම නොමැති අතර එම යතුරුපැදියේ එංජින් අංක සහ චැසි අංක දෙකම ග්‍රයින්ඩරයක් වැනි උපකරණයකින් මකා දමා ඇත.
මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට හෝ නීති විරෝධී කටයුත්තකට භාවිතා කළ එකක් විය හැකි බවට පොලිසිය සැකකරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංකොල්ල කෑම්වලට හෝ මිනීමැරුම් සඳහා පැහැරගත් හෝ සොරකම් කළ බයිසිකලයක් විය යුතුයි..