ලයිට් ගියාට වගකීම මණ්ඩලය බාර ගනී දිවයින පුරා ඉකුත් 9 වැනි දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම සහ එය යථා තත්වයට පත් කිරීමට පැය පහකකාලයක් ගතවීම සම්බන්ධයෙන් වගකීම බාර ගන්නා බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසයි. 27 December 2023
ජනපතිගේ යළි විවෘත ආරාධනයක් ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමා සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 December 2023
හඳඑළියේ නිධන් හෑරූ හයක් කොටු වෙති පසලොස්වක පොහොය ගෙවී යද්දී සූරියවැව කෙම්හත පුරාණ රජමහා විහාරයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව සූරිවැව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 27 December 2023
මහ කුඩු ජාවාරමකු ඇතුළු 15ක් වරකාපොළදී මාට්ටු ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු කුඩු රොෂාන් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ඔහුගේ සහෝදරයකු හා ඥාතීන් පිරිසක්, සුඛෝපභෝගී වෑන් රථයක් හා මෝටර් රථයක් හෙරොයින් අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි. 27 December 2023
ලංගමය අන්තර්ජාලයෙන් ආසන විකුණා වාර්තා ගත ආදායමක් අන්තර්ජාලයෙන් මගී ආසන වෙන් කිරීම තුළින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි තුනහමාරක ආදායමක් උපයා ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී(ධාවන) ඒ.එච් පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 27 December 2023
කතරගම ප්‍රධාන කපු රාලට ඇප ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී රත්නායක රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා අද නියෝග කළේය. 27 December 2023
වෙල්වැටිතුරෙයි ගෙවල් සුද්ද කළ කතක් ඇතුළු හතක් මාට්ටු වෙල්වැටිතුරෙයි ප්‍රදේශවල ගෙවල් බිඳ දේපොළ සහ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවන් 6 දෙනකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරෙයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 27 December 2023
රටටම විදුලිය විසන්ධි වීම ගැන හොයන්න කමිටු දෙකක් මෙම මස 9 වැනිදා සමස්ත රටටම විදුලිය විසන්ධවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකාව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 27 December 2023
විග්නේෂ්වරනුත් ජනපති සටනට දෙමළ දේශපාලන පක්ෂවල එකඟතාවයකින් යුතුව ආරාධනයක් කරන්නේ නම් තමා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වීමට සූදානම් බව දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය. 27 December 2023
‘කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60 කට වඩා අක්‍රීයයි’ කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට පෙර සවිකර ඇති සිසිටිවි කැමරා 60 කට වැඩි ප්‍රමාණයක් වසරක පමණ පෙරසිට අක්‍රීයව පවතින බව හෙලිව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. 27 December 2023
යාපනයේ ගොවීන්ට දුන් බීජ අර්තාපල් වල දිලීරයක් යාපනයේ ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන ලද බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21කට දිලීරයක් වැළඳී තිබීමේ සිද්ධිය සම්බන්ධව වහාම වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය. 27 December 2023
මහනුවර නගරයේ ගස් දෙකක් කඩා වැටී වාහන 8කට හානි මහනුවර අස්ගිරිය තිලක් රත්නායක මාවතේ තිබූ දැවැන්ත බෝ ගසක් සහ සපු ගසක් මහා මාර්ගයට ඇද වැටීම හේතුවෙන් මහමග ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඇතුළු වාහන අටකට බරපතල හානි සිදු වී දෙදෙනෙකු තුවාල ලැබූ බව මහනුවර පොලිසිය පවසයි . 27 December 2023
ජෙරම් යළි රිමාන්ඩ් ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද (27) නියෝග කළාය . 27 December 2023
ඇතාගේ පහරින් ගොවියා මරුට රන්මිණිතැන්න ගල් ආර ප්‍රදේශයේ හේනකට ඇතුළු වූ ඇතෙකු හේනේ සිටි පුද්ගලයෙකු ට පහරදී මරාදමා ඇතැයි තිස්සමහාරාම පොලීසිය කියයි . 27 December 2023
‘පැරසයිට්’ චිත්‍රපටයේ ලී සුන් කියාම් මියයයි 2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සුන් කියාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 27 December 2023
හෙරොයින් සමඟ සැරයන් මාට්ටු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 350 ක් සමග පෙරේදා (26) කිරිදිවැල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 27 December 2023
වතුර වළට සිඟිත්තිය බිලි කිලිනොච්චිය පුනරීන් නෙඩුන්කුලම ප්‍රදේශයේ වැසි ජලය එකතුවන වලකට ඇද වැටි වයස අවුරුදු එක හමාරක පමණ දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරන් පොලීසිය සදහන් කරයි . 27 December 2023
කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 27 December 2023
ලබන මැතිවරණයේදීත් ආණ්ඩු බලය ගන්නවා ඉදිරි මැතිවරණයේදීත් ආණ්ඩු බලය ලබා ගැනීම තම බලාපොරොත්තුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 27 December 2023
නවදිල්ලියට ඝන මීදුමක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි. 27 December 2023
ලොකු ලූනු මිල මට්ටු කරන්න වැඩක් අරඹයි යල කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා දඹුල්ලේ ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75000ක් නුවරඑළියේ දී වසන්තීකරණයට ලක් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 27 December 2023
නිවෙස් අහිමි පිරිස සියයට 40 කින් වැඩිවෙලා ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. 27 December 2023
ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි. 27 December 2023
ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 27 December 2023
‘ යුක්තිය’ මෙහෙයුම දින තුනකට පසු යළි අරඹයි මත්ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්හි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ’’යුක්තිය’’ මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි. 27 December 2023
නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට කසකස්ථානයේ සිට නත්තල් සැමරීමට හා සංචාරයකට නත්තලදා මෙරටට පැමිණ සිටි විදේශිකයෙකු බෙන්තොට මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස් දියේ ගිලී මියගිය බව බෙන්තොට පොලිසිය පැවසීය. 27 December 2023
නෙළුවේදී වෑන් දෙකක් ගැටී විදෙස් තරුණියක් මරුට විදේශීය සංචාරකයන් පිරිසක් රැගෙන නෙළුව ලංකාගම ගිය වෑන් රථයක් තවත් වාහනය ගැටීමෙන් සිසු වූ අනතුරකින් ප්‍රංශ ජාතික තරුණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 December 2023
ඝාතනයකට සූදානම්ව සිටි පාතාලයෙක් කටුනායකින් අල්ලයි පුද්ගල ඝාතනයක් සදහා සූදානම්ව සිටි හීනටියන මහේෂ් නැමැති පාතාල නායකයාගේ ගෝලයකු කටුනායකදී පොලිසිය ’යුක්තිය’ මෙහෙයුම යටතේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 27 December 2023
පහර දී දෙදරු පියා ඝාතනය කරලා ඇල්පිටිය ගොළුවාමුල්ල,මෛත්‍රිගම, මඩේමත්ත ප්‍රදේශයේදී පහරදීමකින් දෙදරු පියෙක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 27 December 2023
නවක හෙදිය හදිසියේම මරුට කොළඹ ජාතික රෝහලේ සේවය කරමින් සිට නිවාඩු ලැබ බණ්ඩාරවල නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගී වූ නවක හෙද නිලධාරීනියක් ඊයේ (26 ) රාත්‍රී ජීවිතක්ෂයට පත්වී ඇතැයි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය පැවසීය. 27 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026