(අංජුල මහික වීරරත්න සහ සහ සුජිත් හේවාජුලිගේ)
ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මේ වනවිට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය සම්පාදනය කොට අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවත් රාජ්‍ය ආයතන ලාභදායි තරඟකාරී සහ ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පිළියම් යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදායම වැඩිකරගන්න ඕනේ නම් මහජන බැංකුව හෙංචයියන්ගෙන් කපා ඇරපු බී 54 අයකර ගන්න. සුරා බදු බි 6-7 අය කරගන්න. මත්පැන් බලපත්‍ර මන්ත්‍රීන්ට නොදී ඍජුව ලබාදීම මගින් මන්ත්රීලාට යන කොමිස් එක රජයට ගන්න. වීසා දෙන එක මොබිටෙල් එකට දී එක ඉතුරු කර ගන්න. ටොයිලට් එකක් විවෘත කරන එකටත් පිං ජනපති හෙලිකොප්ටර් එකේ යවන එක නවත්වන්න. එක හෙලිකොප්ටරේ යන්න ඕනේ එකට 4ක් යවන එක නවත්වන්න. අරගල කාලේ කළා වගේ ඔබතුමාලා ගාඩ් නැතුව සැහැල්ලු වාහනවල යන්න....
ක්‍රමවේදය තමා හොරා නොකා රට කරගෙන යන එක.. හොරා කාලා හොරා කාලා රට බන්කොලොත් කරපු එකට අපිද පලි? හොරා කාපු අයව හිරේ දාලා ඒවා මුලින්ම ආපහු අරගෙන ඉන්න.. එතකොට ලේසියෙන්ම බදු අඩු කරන්න පුළුවන්..
දැනූත් අපිව අන්දලා තියෙන්නේ ගොනාට තමයි.
විවිධ සමාගම් සහ ආයතන ඇතුළු පුද්ගලයින් 4479ක් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පැවසීය. ඊට මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වනබව පැවසූ හෙතෙම මෙම පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 ක් බවද ප්‍රකාශ කළේය. කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති ඇති සංඛ්‍යාව 457 ක් බවත් මහාචාර්යවරයා කීවේය. රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි. රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත් කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90 ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ තරම් කාලයක් මීහරකට ඇඳපු එකේ ඕකත් කජ්ජක්ද ?ගොනා මීහරකට වඩා හොඳයි .කෑ නොගහා මාරු වෙන්න
ප්‍රතිව්‍යුහ මුවාවෙන් යන්න ඔන්න මෙන්න කියලා රටේ සම්පත් විකුනලා යන්න නේද හදන්නේ ?
දනුෂ්ක ළමයෝ ඔය හොරා කෑවා හොරා කෑවා කියන ඝෝෂාව බොරුවක් බව ඔයාට තවම තේරිලා නැද්ද. ඔය ඝෝෂාව කරන අයට හොරු අල්ලන බලය දීලා තියෙද්දිත් අල්ලපු එක හොරෙක් ඉන්නවද? අඩු ගානේ එකම එක සාක්ෂියක්වත් හොයා ගන්න පුළුවන් උනාද? මම තේරුම් ගත්තු විදියට ඔය ඝෝෂාව නගන අය තමයි හොඳටම හොරකම් කරලා තියෙන්නේ. ඒක නිසා තමයි එයාලගේ පක්ෂෙට සල්ලි එන විදිය කියන්න අකමැති සහ ඒ අරමුදල විඝණනය කරනවට විරුද්ද. නිකන් රැල්ලට රැවටෙන්න එපා. රැලි වලට රැවටිලා කරගත්තු විනාශය මෙච්චර ඉක්මනට අමතක උනේ කොහොමද?
මී හරකෙක් ගොඩට ඇඳීම ගැන කතා කරනවා
ඔයා වලව්වෙ ඉදුල් කන විතාන නේද