පිරිමි දරුවන් දෙදෙනෙකු සමග නවාතැනක සිටි ගුරා අත්අඩංගුවට එප්පාවල නගරයේ නවාතැන්පොළක 13 හැවිරිදි පිරිමි දරැවන් දෙදෙනෙකු සමග සැක කටයුතු ලෙසට නවාතැන් ගෙන සිටි 51 හැවිරිදි ක්‍රීඩා ගුරුවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 29 December 2023
රජයේ පොහොර සමාගම් දෙක ශුද්ධ ලාභ ලබයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම 2023 වසර තුළ රුපියල් මිලියන 480ක ශුද්ධ ලාබයක් ඉපයීමට සමත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 29 December 2023
කුඩු ගංජා සොයද්දී වාහන අංක තහඩුත් හමුවෙයි දඹුල්ල බස් නැවතුම්පළ ආසන්නයේ ව්යාපාරිකයින්කිහිප දෙනෙකුට අයත් බව කියන හෝටලයක කාමරය සඟවා තිබූ වාහන අංක තහඩු සහිත බෑගයක් සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි 29 December 2023
නිධන් ගන්න ගිය කළමනාකරණ සේවා නිලධාරියා ඇතුළු තුනක් මාට්ටු තිස්සමහාරාම ජූල්පල්ලම ,සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු කැණීම් උපකරණ සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 29 December 2023
තවත් ප්‍රාන්තයක් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අත්හිටුවයි 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවීමට එරට තවත් ප්‍රාන්තයක් පියවර ගෙන තිබේ. 29 December 2023
ගින්නකින් ඇල්පිටියේ වෙළඳසැලක් විනාශයි ඇල්පිටිය ගොළුවාමුල්ල මංසන්ධියේ පිහිටි වෙඳසැලක ඇතිවූ ගින්නකින් මුළු වෙළඳසැලම විනාශවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 29 December 2023
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 December 2023
රත්නපුර ලයින් කාමරයකින් මවක සහ දරුවාගේ සිරුරු හමුවේ රත්නපුර කෙහෙල්ඔවිටිගම වම්බටුහේනේ ලයින් කාමරයක තිබී කුඩා දරුවකුගේ මළසිරුරක් සහ දරුවාගේ සිරුරු හමු වූ බව ඇලපාත පොලිසිය කියයි. 28 December 2023
මාස 7 කදී ‘සරම්ප’ රෝගීන් 700 ක් හදුනාගනී මෙම වසරේ මැයි මස සිට මේ දක්වා කාලය තුළ ‘සරම්ප’ රෝගීන් 700 කට වැඩි සංඛ්‍යාවක් මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥා වෛද්‍ය සමිත ගිනිගේ මහතා අද (28) පැවසීය. 28 December 2023
කළුතර තවත් රැඳවියෙක් මරුට සතියක් ඇතුළත කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි. තෙවන මරණය අද සවස වාර්තා වී ඇත. 28 December 2023
කිල්මිෂාට උපන් ගමෙන් උපහාර දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක් විකාශනය කළ ‘සරිගමප ලිට්ල් චැම්පියන් සීසන් 3’ තරගයෙන් ජය ලැබූ යාපනයේ කිල්මිෂා උදයෂීලන් පිළිගැනීමේ උත්සවයක් යාපනයේදී අද (28) පැවැත්විණි. 28 December 2023
කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 28 December 2023
පරක්කු වූ රස පරීක්ෂක වාර්තා මාස හයක් ඇතුළත දෙයි ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 28 December 2023
ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 December 2023
රොබෝ ප්‍රහාරයෙන් ඉංජිනේරුවාට තුවාල ඇමෙරිකාවේ ඔස්ටින්හි ටෙස්ලා සමාගමේ කර්මාන්ත ශාලාවකදී රොබෝ ප්‍රහාරයකින් එහි ඉංජිනේරුවකුට තුවාල ලබා ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. 28 December 2023
මහවැලි ගඟ පිටාර ගලයි: මනම්පිටිය යටවේ මහවැලි ගඟ පිටාට ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය කියයි. 28 December 2023
‘‘කෝවිඩිවලින් දරුවන් පරිස්සම් කරන්න‘‘ දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි. 28 December 2023
වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයි බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය. 28 December 2023
ඉන්ධන - ගෑස් වරාය බද්දෙන් ඉවතට ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය. 28 December 2023
කොවිඩ් පරීක්ෂණ දෙගුණ කරයි මෙරට කොවිඩ් පරීක්ෂණ ගණන දෙගුණයක් කළ බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 28 December 2023
ලංකා සතොස භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය. 28 December 2023
ඉන්දියන් බිත්තර තවත් ලක්ෂ 80 ක් සතොස ට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්ෂ 80 ක් ලංකා සතොසට නිකුත් කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 28 December 2023
කොලොන්නාවේ හෝටලයක ගින්නක් කොළොන්නාව ප්‍ර දේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් එහි අරක්කැමියා දුම ආග්රාහනයවීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 28 December 2023
අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 December 2023
රත්තරන් මිල අදත් ඉහළට දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (27) තව දුරටත් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 28 December 2023
’පසු අස්වනු තාක්ෂණික ආයතනයට නව සභාපතිවරයෙක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පසු අස්වනු තාක්ෂණ ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පී.පිරිස් මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අද (28) පත් කරනු ලැබීය. 28 December 2023
‘කුඩු රොෂාන්’ගේ කෝටි 6 ක දේපළ පොලිස් භාරයට පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන ‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 28 December 2023
අධිවෙිගයේ උද්ඝෝෂණයක් අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නඩත්තු කළමනාකාර පැවරුම් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරීයට විරෝධය පා බණ්ඩාරගම, වල්ගම පිහිටි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු කළමනාකරන ඒකකයේ ප්‍රධාන කාර්යාල භූමියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි. 28 December 2023
ගැමියෝ අනුරාධපුර-කුරුණෑගල පාර වහති අනුරාධපුර ශ්‍රාවස්තිපුර වදාකඩ ප්‍රදේශයේදී වන අලි පහර දීමකින් තරුණයකු ජීවිතක්ෂයට පත්වීම නිසා ප්‍රකෝප වූ ගම්වාසීහු පිරිසක්, වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා අද (28) දහවල් අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය ශ්‍රාවස්තිපුර පහේ ඇල ප්‍රදේශයෙන් වසා දමමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. 28 December 2023
වරාය උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි වරාය සහ වෙරළබඩ පොලීසි දෙක කළ ඉල්ලීම් දෙකක් ඉවත දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 December 2023
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 22 April 2026