අම්පිටියේ සුමනරතන නාහිමියන්ට පාර අවහිර කළැයි උණුසුම් තත්ත්වයක්
මඩකලපුව දිවුලපතාන ගම්වාසීන් තම ගම්මානයේ මීට දින තුනකට ඉහතදී තැන්පත් කරන ලද බුදුපිළිමය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට 19 වෙනිදා මඩකලපුව ශ්රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් එම ගම්මානයට පිවිසීමත් සමග ඊට ආරක්ෂක අංශය මගින් දිඹුලාගල වලමණ්ඩිය පාලම අවහිර කිරීම හේතුවෙන් නාහිමියන් කරදියනාරු පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.