IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිසට සහ උදරයට තුවාල සිදුවී ඇති බවත් අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට ඉන් තර්ජනයක් එල්ල විය හැකි බවත් එරට මාධ්‍ය පැවැසුවේය.

මීලඟ පැය කිහිපය අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයේ තීරණාත්මකම පැය කීපය වනු ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දුන්නේය.

වෙඩි වැදුණු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ආරක්ෂකයන් විසින් නිල රථයෙන් ළඟම පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් ලැබ ඇති බවත් එහිදී ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

අග්‍රාමාත්‍යවරයා රෝහලට රැගෙන එන විට ඔහුට සිහිය තිබූ බවත් ශල්‍යකර්මයෙන් පසුව ඔහුව අගනුවර රෝහලක් විතර රැගෙන යාමට නියමිත බවත් ස්ලෝවැකියානු මාධ්‍ය සඳහන් කළේය.

සිද්ධිය සිදුවූ ස්ථානයේදී තුවක්කුකරුවත් අඩංගුවට ගැනීමට ස්ලෝවැකියා පොලිසිය සමත් වී ඇතත් ඔහුගේ අනන්‍යතාවය මාධ්‍ය වෙත හෙළි කර නොමැත.

එසේම වෙඩි තැබීමට හේතුවද මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව ස්ලෝවැකියානු පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධිය ඇසින් දුටුවකු ස්ලොවැකියානු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට තුන් හතරවතාවක් තුවක්කුකරු වෙඩි තැබූ බවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ අග්‍රාමාත්‍යවරයා මාර්ගයේ ඇද වැටුණු බවත්ය.

අග්‍රාමාත්‍ය ෆිකෝ රුසියානු හිතවාදියෙකු ලෙස ප්‍රකටය.

 



අදහස් (1)

ස්ලෝවැකියානු අගමැතිට වෙඩි තබයි

Perera Wednesday, 15 May 2024 10:47 PM

ලංකාවේ නැහැනේ ඔහොම වැඩක් කරන්න ගටක් තියන එකෙක්වත්

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site