IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් විය.

පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව උපදෙස් දුන්නේය.

මේ අතර අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බව කාරක සභාවේදී හෙළිවිය.

 



අදහස් (6)

සිසුන් ලක්ෂ හයක් උදේට හාමතේ

ranjith Thursday, 16 May 2024 06:13 AM

දැන් රට ගොඩ කියන්නේ මේ නිසා වෙන්න ඇති

:       3       5

සෝමේ Thursday, 16 May 2024 06:34 AM

රටේ තත්වය මෙහෙම තියෙද්දී හිරිවටිච්ච නායකයා ගිහින් වෙන රටවලට මුදල් ආධාර දෙනවා

:       4       3

ජයනාත් Thursday, 16 May 2024 06:55 AM

එයාල බඩගින්නෙ හිටියට කමක් නැහැ ... බාර් ලයිසන් එකයි ... වී 8 පර්මිට් එකයි ලැබුණා නෙ.. ඒ ඇති .

:       2       5

Lalla Thursday, 16 May 2024 07:27 AM

අනාථ භාවයට පත්වූ දරුවන් හැර අන් සියලුම දරුවන්ගේ පෝෂණ වගකීම දෙමාපියන් දැරිය යුතු දෙයක් මිස මහජනතාවගේ ප්‍රශ්නයක් විය යුතු නෑ. දරුවන් සහ පවුලේ අවශ්‍යතා සපිරීමේ දෙමාපියන්ගේ මූලික වගකීමක් මිස දේශපාලනඥයන්ට විකිණීමට ඇති ලාභ භාණ්ඩයක් හෝ මහජනතාවගේ වගකීමක් නොවිය යුතුයි. පවුලේ පෝෂණ වගකීම පැහැර හැරීම බොහෝ රටවල නීතිමය ප්‍රශ්න වලට බඳුන් වීමට හේතුවක්....

:       6       4

පිටිගල මිලානෝ Thursday, 16 May 2024 10:43 AM

සිසුන්ගේ ආහාර මයිනා කෑවාම ඔහොම තමයි…. ඕකාව එළවලා දාන්න ඕනේ…..

:       0       1

ගමේ එකාලා Thursday, 16 May 2024 02:55 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම බන්කොලොත් කරපු මහින්දයා කියනවා පුලුවන් තරම් පලස්තීනයට උදව් කරන්ඩලූ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site