IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්

(නිමල් ජයරත්න)

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල  ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අවසන් වූ දින තම විද්‍යාලයේ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ,  මල් කළඹ තබා, පාසලට හා විභාග කාර්ය මණ්ඩලයට වැඳ නමස්කාර කිරීමේ පුවතක් අසන්නට ලැබිණි.

පොළොන්නරුව දිඹුලාගල ලීලරත්න විජේසිංහ මහ විද්‍යාලයේ සිසු දරු දැරියන් මෙවර 76 දෙනෙකු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අතර 15 වෙනිදා විභාගය අවසන් වීමෙන් අනතුරුව විභාග කාර්ය මණ්ඩලයට, මල් කළඹ දී වැඳ නමස්කාර කරමින් පිටව ගොස් ප්‍රධාන ගේට්ටුව අසල එම මල්කලඹ දවටා පාසල් ගීතය ද ගායනා කරමින් වැඳ නමස්කාර කිරීමට දූ දරුවන් කෘතගුණ වූ බව ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ විදුහල්පති, බී,ඒ.අබේසිංහ බණ්ඩාර මහතා සඳහන් කළේය.

වසර ගණනාවක් තමන්ට අධ්‍යාපනය ලබාදුන් පාසලක් හැටියටත්, එම වසර කාලය පුරා තමන්ට ගුරුහරුකම් ලබාදුන් සියලු ගුරුවරුන්ට මෙන්ම අවසාන වශයෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දීමට උදව් උපකාර කර සහ ගුරුහරුකම් ලබාදුන් සියලු විභාග කාර්ය මණ්ඩලයට වැඳ නමස්කාර කිරීම තමන්ගේ යුතුකමක් බව පවසමින්, පාසල දෙසට මල්කලඹ දිගුකර දණ ගසා,වැඳ නමස්කාර කර පිටව යෑමක් විශේෂත්වයකි.



අදහස් (15)

සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්

සුරංග Thursday, 16 May 2024 04:50 AM

ඒක තමයි නියම බෞද්ධකම කියන්නෙ බුදුහිමියන් තමන් වහන්සේට බුදු වීමට සෙවණදී සහාය වූ බෝධීන් වහන්සේට සතියක්ම ඇසිපිය නොහෙළා පූජාවක් පවත්වා කළගුණ සැළකීම කලා වගේ මේ දරුවො කළගුණ සැළකීම කලා ඔවුන්ගේ සියලු අභිමථාර්තයන් සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි

:       0       25

Rajinda Thursday, 16 May 2024 06:43 AM

ඔබ සියලුම දෙනාගේ මේ උතුම් ක්‍රියාව ගෞරවයෙන් අගය කර සිටිමි... ඔය දරුවෝ සියලුම දෙනා විභාගය සමත් වේවා...

:       0       25

Chandana Thursday, 16 May 2024 08:18 AM

කාලෙකින් ඇසෙන ආදර්ශමත් ක්‍රියාවක්... මේ වගේ දේවල් වලට කෙමෙන්ට් වැටෙන්නේ නැ

:       0       21

පාඨකයෙක් Thursday, 16 May 2024 08:37 AM

ඉතාමත් ප්‍රශංසනීය සහ ආදර්ශවත් ක්‍රියාවකි. මෙම සිසු පිරිස සාමාන්‍ය පෙළ විභාගයෙන් කුමන ප්‍රතිඵල ලැබුවත්, ඔවුන් කළගුණ දත්, ලක් මාතාවගේ අනගි දරුවන් බව ඔප්පු කර හමාරය. මෙවැනි දරුවන් කොතැනක රැකියාව කළත් ආදර්ශමත් පිරිසක් වනු නොඅනුමානය. අනුකරණය කිරීමට සුදුසු විරල දසුනක් මහජනතාවට වාර්තා කළ ලංකාදීප කතෘ මණ්ඩලයට ස්තුති!

:       0       24

Senarath Thursday, 16 May 2024 08:45 AM

කෘතගුණ සැලකීම ඉතාම හොඳ දෙයක්... ඔබ සැමගේ අනාගතය සාර්ථික වේවා...

:       0       22

Kumara Thursday, 16 May 2024 09:19 AM

මෙහෙම කලදේ මතක, ඒකට ගරුකිරීමක් කරන මිනිස්සු ලංකාවේ හරිම අඩුයි. මේ දරු දැරියන් හැමෝටම මගෙන් මල් කළඹක්. ලොකු වුනාම මේ ගතිගුණය අමතක කරන්න එපා. මෙහෙම දරුවන් හදන දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයටත් මගේ උපහාරය.

:       0       12

Kumari Thursday, 16 May 2024 09:44 AM

ඇත්තටම නෙතට කදුලක් ආව මෙම ක්‍රියාව දුටුවහම. දරුවනි ඔබ සියළු දෙනාටම තෙරුවන් සරණින් අනාගතය යහපත් වේවා. සැමගේම සුබ පැතුම් ඔබ සැමට ආශීර්වාදයක් වේවි.

:       0       20

Jayasekara Thursday, 16 May 2024 10:09 AM

කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වලින් නොදකින කෘතගුණ දැක්වීමේ උතුම් සද්ක්‍රියාවක්... අනාගතය වරදින්නේ නෑ දුවේ පුතේ... තෙරුවන් සරණයි

:       0       5

හර්ෂන වි‍ජේරත්න Thursday, 16 May 2024 10:25 AM

පුතේ දුවේ ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. මෙවැනි දේ ගැන අදහසක් වත් ඇති නොවන සමාජයක මේ දරු දැරියන් සියලු දෙනා සිදුකළ මේ කළගුණ සැළකීම ඉතාම යහපත් ක්‍රියාවක්. තමන් තවත් කෙනෙකුට හෝ තමන් උපකාර කළ විදුහල් මාතාවට හෝ ගෞරව කිරීමෙන් වැඩි ගෞරවය ලැබෙන්නේ තමන්ට. ඒ බව වටහාගත් මෙම ගුණවත් දරු පිරිස රටේ සිටින තරුණ දරුවන්ට වගේම කුඩා වයස්වල අධ්‍යාපන ලබන දරුවන්ට විශාළ ආදර්ශයක් මඟපෙන්වීමක් කරලා ති‌යෙනවා. වීර අභීත දූ පුතුණි නිදුකින් නීරෝගීව සිටින් ඔබගේ අනාගතය සාර්ථක කරගන්නට ඔබට හැකිවේවා. ඔබ සියලුම දෙනා සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වේවා !!

:       0       7

Hemantha Thursday, 16 May 2024 12:50 PM

අද සමාජයෙන් වියැකීයන කළගුණ සැලකීමේ ගුණය ඉදිරියට ගෙනයන දරුවන්ට ප්‍රණාමය. ජීවිත කාලය පුරාවටම ඔය හොද ගුණ අමතක කරන්න එපා. ජය නියතයි....

:       0       8

බක්මීගොල්ල Thursday, 16 May 2024 01:35 PM

දෙමව්පියන්ට වත් කෘතගුණ නොසළකන සමාජයක මෙවැනි උතුම් ක්‍රියාවක් කළ මේ දරුවන්ටත්, පාසලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු භවතුන්ට අපගේ උත්තමාචාරය.

:       0       5

fairoos Thursday, 16 May 2024 02:11 PM

ඉතාම කලාතුරකින් මෙහෙම විසිරිලා යන්නේ... ඉතාම හොඳයි

:       0       4

පාලිත අයියා Thursday, 16 May 2024 07:57 PM

හොඳ දරුවෝ සෙට් එකක් . ❤️

:       0       2

Isuru Friday, 17 May 2024 11:08 AM

මල් නං ඕකේ. ඇයි ඒත් තාප්ප ගේට්ටු වලට වඳින්නෙ?

:       3       0

සුපුන් Friday, 17 May 2024 04:24 PM

මූලධර්මවාදී මෝඩයෙක් මේ ඉසුරු කියන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site