
(අංජුල මහික වීරරත්න)
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියා මාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.
එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්ත ඉවර වුණාම රස්සාවත් ඉවරයි. හරියට 70 ආණ්ඩුවෙන් වතු ජනසතු කලා වගේ.
මේ ඔක්කොම ආටක-නාටක. Midia ඉස්සරහා බයිල ගහලා වතු සමාගම්-හාම්පුතුන් එක්ක හවසට සෙට් වෙන කට්ටිය. මේ ඔක්කොම යාළුවො මල්ලී ...
පින්හාමිගේ නැවත ජනාධිපති සිහිනේ නිසා අන්තිමට තේ වතු ටිකටත් කෙලවෙයි වගේ
ඔන්න ආයෙමත් වතු කම්කරුවන්ට අන්තට්ටුව,ජනාධිපතිවරනය වෙනකන් ඇදගෙන යනව, ඕක චන්ද පොරොන්දුවක් විදියට .
වතු කම්කරුවන්ට කැරට් අලම පෙන්නපල්ලා