
(කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) දින පත් කර ගැනීමට සහ විධායක සභාව විසින් ගත් තීරණවලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් අද (13) දින නියෝග කලාය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අදාල එම තීරණ මත පක්ෂයේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ වැඩ බලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්තට සහ දේශපාලන මණ්ඩලයට අදාල කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අවස්ථාව ලබා දෙන ඉල්ලමින් ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජයමුණි සොයිසා යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන් දෙදෙනකු විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
අදාල පත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 20 දෙනකු නම් කර ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 27 දින පැවැත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ ඇමැති නිසා වෙන්න ඇති...
මේ පක්ෂයේ මොන පාර්ශ්වයටවත් තවදුරටත් "විභවයක්" නැහැ ඔය පක්ෂය පවත්වාගෙන යන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මියගිය පක්ෂයක් !!! රටේ ජනතාවගේ දැනුම සහ චින්තනය සීඝ්‍රෙයන් ඉහළ යන යුගයක බොහෝ පක්ෂ ප්‍රතික්ෂේප වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ රටේ දේශපාලන ඇරිනාවට ජාති වාදය, ආගම් වාදය, කුලවාදය... වැනි විනාශකාරී වයිරසයන් හඳුන්වා දුන් පක්ෂයයි. ඒ වයිරසයන් නිසා වටිනා ජිවිත ලක්ෂ ගණනක් රටට අහිමිවුණා. සමහරුන් රට හැර ගියා. 1956 දී අවුලපු ගින්නෙන් අද වෙනකොට කී ලක්ෂයක් අකාලයේ මිය ගියාද, සිදුවන අසාධාරණය ඉවසා සිටීමට නොහැකිව පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමට ගිය උගත්, බුද්ධිමත් තරුණ ජීවිත දහස් ගණනක් පැවතුණු මිනීමරු ආණ්ඩුවලින් බිලිගත්තා. මේ රටේ මිනිසුන් තවදුරටත් ඒ බමුණු මත පිළිගන්නා "එහෙයියන්" නොවන බව ළඟ ළඟ එන මැතිවරණයෙන් හොඳින් පිළිබිඹු වෙයි කියන පැතුම තියෙන්නේ මට පමණක් නොවන බව හොඳින්ම දනිමි.
ඔය කියන්නේ දිගදාසගේ ජනපති සිහිනයට බාධා කරන්න එපා කියලාාවෙන්න ඇති
විජයදාසට බාධා නොකරන්නැයි කියන නියෝගය, ඩීල්දාසගේ බිරිඳටයි, තිලිනි ප්‍රියමාලිටත් බලපානවද? එහෙම නම්, ඒ දවසේ කොයිවේලාවටද? දන්නේ නැතිකමටයි අහන්නේ.
මෛත්‍රීපාල උන්නැහෙට සභාපති ලෙසත් පසුව වැඩ බැලිමට සභාපති ලෙස විජේදාස රාජපක්ෂ ජනාධිපති නිතිඥ තුමාවත් වැඩ බලන ලේකම් ලෙස දුෂ්මන්ත මිත්‍රපාලටත් තහනම් නියෝග නිකුත් කලේ කොළඹ දිසා අධිකරණය එවා තවමත් ක්‍රියාත්මකයි දැන් ඒ තහනම් නියෝග ගත් අයට එරෙහිව තහනම් නියෝග කඩුවෙල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා නිතිඥ නිමල් සිරිපාල මහින්ද අමරවිර දුමින්ද දිසානායක ඇතුළු අයට දැන් අධිකරණ බලය බැලුවම එක හා සමානයි කොළඹ කඩුවෙල දෙකම එකකින් අනෙක් අධිකරණය අභිබවා යන බලයක් නැහැ එහෙම නම් මෙතන ගැටුමක් තියෙනවා නැත්නම් මුලින්ම තහනම් නියෝග පැනවු කොළඹ දිසා අධිකරණය විසින් තමයි දෙන්න ඕන කඩුවෙලින් දුන් නියෝගය නැත්නම් ඊට ඉහල අධිකරණයකින් දැන් නඩු දෙකක් එකම තනතුරු වෙනුවෙන් එකම කිරුලකට අධිකරණ බල ප්‍රදේශ දෙකක පවතිනවා දැන් කොළඹ දිසා අධිකරණයට බැ කඩුවෙල දිසා අධිකරණය දුන් තිරණයට එරෙහිව තින්දුවක් දෙන්න එහෙම අධිකරණ බලයක් නොමැති නිසා
ඔව් ඔව් මේ අයට බාදා කරල නැවත රට විශාල විනාසයකට ඇද දමන්න එපාය කියල සියලුම දෙනාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනව. අර ගුවන්තොටුපලේ කොල්ලෙක් පහුගිය දවසක ටිරාන් ඇමතිගෙ වැඩ වලට බාදා කලා, නඩුකාරයො වගයක් ඩයනගෙ වැඩ වලට බාදා කලා, මේක විශාල කරදරයක් අපේ ඉදිරි ගමනට.
රනිලුත් කියල තිබ්බ මෙයාගෙන් කරවගන්න වැඩ කීපයක් තියෙනව කියල , රනිල්ගෙ ජනතාවිරෝධී අණපනත් සේරම මෙයාගෙ වැඩ, මෛත්‍රී පාර්ලිමේන්තුවේ දි ඒවට එරෙහිව අත උස්සන්නෙ විජේදාසගෙ කඳ කෑල්ල විතරද ශ්‍රිලනිප ගත්තෙ?
ඕක මියගිය පක්ෂයක්.
සියලුම දේශපාලකයින් පාහේ තම තමන්ගේ දේශපාලන පක්‍ෂ වර්ධනය කර ගැනීමට විශාල උනන්දුවක් දක්වන බව මම විශ්වාස කරමි. මාතෘභූමිය දියුණු කිරීමට ඔවුන් උනන්දු වන්නේ නැත. දැන් මහජනතාව කාලය පැමිණි විට වඩාත් සුදුසු පුද්ගලයා තෝරා ගැනීමට වඩා විමසිලිමත් විය යුතුය. ඒ වගේම හැම දූෂිත දේශපාලකයෙක් / යක්කු / මෝඩයෝ බලයෙන් පන්නන්න. වෙනසක් නැත අනාගතයක් නැත.
තමන්ට නෛතික ප්‍රශ්නයක් ඇති උනාම ඒක විසදගන්න උසාවි යන්න එපා කියලා උසාවියෙන්ම නියෝගයක් දුන්න පලමු අවස්ථාව මේක වෙන්න ඇති.