(ප්‍රදීප් කුමාර)

මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් පොලිසිය සදහන් කරයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුණේ බටහිර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක් පමණ වන එස්. ඒ. ජොන්සන් නැමති අයෙකු බව පොලිසිය සදහන් කරයි.

මියගිය ධීවරයා තවත් ධිවරයින් කීපදෙනකු සමග  මුහුදු ගොස් සිටියදී වර්ෂාවත් සමග දැඩි සුළං තත්වයක් මුහුදට බලපා ඇති අතර එහිදී ධිවර යාත්‍රාවක්  මුහුදේ පෙරලි ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම් පොලිසිය වැඩිදුර වීමර්ශන සිදු කරනු ලබයි.