(සුසිල් ප්‍රියන්ත සහ ජේ. ඉඳුරුවගේ )

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කොස්ගොඩ පොලිසිය කියයි.  

මියගොස් ඇත්තේ මහ ඉඳුරුවේ පදිංචි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සේවකයකු වූ තිලක් කුමාරසිරි නැමති  තිදරු පියෙකි.

ට්‍රැක්ටරයේ රියදුරා  තුවාල ලබා බලපිටිය රෝහලටත් එතැනින් කරාපිටිය රෝහලටත් ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

ට්‍රැක්ටරයේ හතර දෙනකු ගමන් කර ඇති අතර අතර දුම්රිය එනවාත් සමගම ට්‍රැක්ටරයේ පසුපස සිටි දෙදෙනෙක් ට්‍රැක්ටරයෙන් පැන දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.

ගේට්ටු රහිත මෙම දුම්රිය හරස් පාරේ ඇති ස්වයංක්‍රීය සීනු හා විදුලි පහන් සංඥා ඇතැම් අවස්ථාවල නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ප්‍රදේශවාසීහු පවසති.