
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118-119 යතුරුපැදී රාජකාරී නිරතව සිටි වසන්ත කුමාර හා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව විශේෂ රාජකාරි වාර්තා කර සිටි ආධුනික පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඒ ප්‍රසාන් යන නිලධාරීන් දෙදෙනාගේය.
මෙම නිලධාරීන් දෙදෙනා යතුරුපැදි රාජකාරී යෙදී සිටියදී පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් හමුවී තිබි ඇත.
එම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා එකී මුදලින් රුපියල් 70.000/= මුදලක් ඉහත නිලධාරියාගේ ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 230000/= මුදල කොට්ටාව නගරයේදී ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව පරපුරේ බොහෝ දෙනෙකුට ධනවත් වීමට අවශ්‍ය වන්නේ මෙයයි. ඔවුන්ට ඉක්මන් ආදායමක් අවශ්‍යයි. එක රැකියාවක් සහ අර්ධකාලීන අල්ලස්. මේක ලංකාවේ අලුත් සාමාන්‍ය දෙයක්. නැතිනම් මත්ද්‍රව්‍ය විකුණනවා.