
(කේ.ජී.කපිල )
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ශූරතා තරගාවලිය සදහා අද (14 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියහ .
මෙම තරගාවලිය එළඹෙන ජූනි මස 01 දින සිට ජූනි මස 29 දින දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිතය .
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වනිදු හසරංග විසින් හොඹවනු ලබන අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස මහින්ද හලංගොඩ මහතා විසින් දරනු ලැබේ .
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු , අතිරේක ක්‍රීඩකයින් 04 දෙනෙකු සහ කළමනාකරුවන් , පුහුණුකරුවන් , වෛද්‍යවරුන් , භෞත චිකිත්සකයින් ඇතුළු 25 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඇතුළත් වී සිටියහ .
මෙම ශ්‍රී ලංකා කණ්ඩායම අද(14 ) එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් මුළින්ම ඩුබායි බලා පිටත්ව ගොස් එතැන් සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට ගිහින් එන්න මයේ පුතාලා
එහෙනන් නළුවෝ ටිකගේ හොඳ සෙල්ෆි ටිකක් බලාගන්න පුළුවන් වෙයි අපිට දැන්
උපරිම දස්කම් අතරට පැමිණ සියළුම තරඟ ජයග්‍රහණය කරමින් ලෝක කුසලානය සමඟ මවිරටට පැමිණීමට උණුසුම් සුභ පැතුම්
සුබ පැතුම් කොල්ලනේ
ගියත් ඵලක් නැති අකුසල කර්මයට වීසා තාම නැතිලු... නොදීම ඉන්න ඇමරිකා තානාපතිට හැකිවේවා...
2024 ලෝක කුසලානය අරගෙන මව් රටට එන්න..සුභ පැතුම් කොල්ලෝනේ...