(සුමිත් පොතුපිටිය සහ තුසිත කුමාර ද සිල්වා)

ජංගම දුරකථනය ආරෝපණය කිරීමටයාමේදී විදුලි සැරවැදී පස් හැවිරිදි දැරියක මියගොස් ඇති බව  පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි විහිගි නෙතාෂා නමැති දැරියක බව පොලිසිය කීය.

මෘතදේහය බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලට යොමුකිරීම නියමිත බව සදහන් වේ.

පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.