(ගයාන් සූරියආරච්චි)
කොළඹ වෙරළබඩ පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ භට නිවාසයට ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත්කළ බව කියන එස්.ටී.එෆ්.කොස්තාපල්වරයාගේ වැඩතහනම් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා උපදෙස් ලබාදී තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය මාන්කුලම් කඳවුරෙන් වෙරළබඩ පොලිසියට අපරාධ මෙහෙයුම් සදහා අනුයුක්ත කරනු ලැබූ කොස්තාපල්වරයෙකි.
එම විෂමාචාර ක්‍රියාව සැලවීමත් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා විසින් අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ද අරම්භ කිරීමට උපදෙස් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කිරීමට විශේෂ කාර්ය බළකාය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොස්තාපල් වරුන් ට ගෙදර යන්න නිවාඩු දුන්න නම් ඔහොම වෙන්නේ නෑ.
බාදුරා මලක්ද කිඩාරම් මලක්ද…
විශේෂ කාර්යයකට වෙන්ඩ ඇති ගිහින් තියෙන්නේ මයේ හිතේ
ඔව් ඉතින් ඔය වගේ හාල් පාරුවන්ට එරෙහිව විතරයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. අර නිලන්ත ජයවර්ධන කියන එකාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග දීලත් ඌ තවම සැපසේ කල්ගත කරනවා.