
(වසන්ත චන්ද්‍රපාල සහ සමන් රුසිරු බංඩාර)
අම්පාර මහඔය සමගිපුර ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් සදහා යමින් සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත්කර කර ඇතැයි පොලීසිය කියයි.
මෙම ගැටුමෙන් මිය ගොස් ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ වසන්ත කුමාර නැමැති 26 යි, හැවිරිදි මහඔය සමගිපුර පදිංචි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා එදින ඔහුට පහරදුන් පුද්ගලයින් සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඉන් පසුව පහර කෑමට ලක්වු අය සහ ඔහුගේ සහෝදරයා විසින් පිහියකින් කොටා මෙම ඝාතනය සිදුකර තිබේ.
මෙම ගැටුමේදි බරපතල ලෙස තුවාල ලැබු පුද්ගලයා මහඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගිපුර මිනීමැරුමක් වෙන්නේ කොහොමද ?
සමගිපුර
සමගිපුර සමගිය
ධර්මද්වීපයේ අයගේ හැටි ඔහොම්ම තමයි.