
(ෂේන් සෙනෙවිරත්න)
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ් පත් රියදුරු බලපත් ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි තිබූ මුදල් පසුම්බියක් අහුලාගත් දුම්රිය සේවකයෙකු නැවත එම විදේශිකයාට භාරදීමේ සිද්ධියක් මහනුවර දුම්රිය ස්ථානයේදී වාර්තා විය .
කොළඹින් පිටත්වූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ එම මුදල් පසුම්බිය දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා විසින් අහුලා ගැනීමෙන් පසු එය දුම්රිය ආරක්ෂක නිලධාරීන්වන ඒ.ඩී. බණ්ඩාර සහ ඩී.එන්.ජී. මෙන්ඩිස් යන මහත්වරුන් මගින් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ආරක්ෂක අංශය කාර්යභාර නිලධාරී ඒ.ඒ.එස්. අමරකෝන් මහතා වෙත භාරදී තිබේ .
නවසීලන්ත ජාතිකයාට අයත් එම මුදල් පසුම්බිය ඔහුට නැවත ලබාදීම මහනුවර දුම්රිය ස්ථානයේදී අද (13) පෙරවරුවේ සිදුවූයේ එම මුදල් පසුම්බිය අහුලාගත් දුම්රිය සහාය තාක්ෂණ ශිල්පී වයි.එම්.ජී.එස්. සේනාරත්න මහතා අතිනි.
මුදල් පසුම්බිය නැවත ලබාගත් නවසීලන්ත ජාතිකයා එය පරීක්ෂා කොට කිසිදු අඩුපාඩුවකින් තොරව තම මුදල් පසුම්බියේ තිබූ දෑ ඇති බවත් ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර සහ අවංක භාවය සම්බන්ධයෙන් තමන් ඉහළින් අගය කරන බවද පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොන්ද වෙලාවට දේසපාලුවෙක්ගේ නොගියේ? අවන්කව කටයුතු කරපු දුම්රිය මහතාට ස්තූතිය පුදකරනවා .වටිනා කියන දේවල් හරියට පරිස්සම් කරගැනීමට කවුරුත් කල්පනාකාරි විය යුතුයි .ඒ වගේම පික් පොකැට් කාරයින්ගෙනුත්.
පිටරැටියන්ට වගේ ලාංකිකයන්ටත් ඔය විදියටම සලකනවානම් ලංකාව මොනතරම් ලස්සන රටක් වෙයිද?
යූනියන් පෙදෙස සලාකා එක ගාව, කොටුවේ දුම්රියපොළේ දී .පොකැට් ගැහැව්වා.සමහර ත්‍රීවීලර් කාරයෝ වැඩියෙන් ගසාකන්ඩ හදන එවුන්. ඒ නිසා ලංකාවට යනවානම් පරිස්සම් වෙන්ඩ
ඔබට අපේ ප්‍රණාමය
මෙම අවංක CGR සේවකයා CGR හි පමණක් නොව රටම ගෞරවයට පාත්‍ර විය. රට තුළ බොහෝ පුරවැසියන් සිටීවායි ප්‍රාර්ථනා කරමු.