(අංජුල මහික වීරරත්න)

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024-3-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙහි මූලික කෙටුම්පත සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇති අතර නීතිපති ඉදිරිපත් කරනු ලබන සංශෝධනයන්ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දී ඇතැයි රජය කියයි.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇත.