
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.
විවිධ අපරාධ සම්බන්දයෙන් ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියෙක්ට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්‍රාත්තුව ලබාදි ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබු පැමිණිල්ලේ සදහන් වේ.
බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට එම කාන්තා රැදවිය විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත.
ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දි ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල බන්ධනාගාරයේ අපරාධය මාෆියාවක් , Snr; බන්ධනාගාර නිලධාරීන් පිටතට යවයි; තුවක්කු කොල්ලකෑම්, කප්පම් එකතු කිරීම සහ මිනීමැරුම් යන අපරාධ කොන්ත්‍රාත්තු .මගේ එක දේපලක් එහෙම නැති උනා.
දැන් මේවත් සුලු පැමිණිලි වෙලාද ?
ඝාතනය කිරිම සඳහා කොන්ත්‍රාත්තු ලබාදිම දැන් "සුළු පැමිණිලි" වෙලා නේද?