
(බී.ජී. චතුරංග)
පරිසර වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කිරිමට අනුරාධපුර තඹුත්තේගම සෝලම පදිංචි, මේ වන විට නව නිපැයුම් 30කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇති තරුණයෙකු සමත්ව තිබේ.
යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.
මෙම නව නිපැයුම වූ වාතය මගින් ජලය නිපදවීමේ නව යන්ත්‍රය මගින් පැය හතරහමාරකදී සෙල්සියස් අංශක 34 දී පමණ ජලය ලීටරයක ප්‍රමාණයක් නිපදවන බවත් මේ සඳහා කුඩා සෝලා පැනලයක්ද භාවිත කර ඇති බවත් ඔහු පවසයි
කිලෝ ග්‍රෑම් එකහමාරක් පමණ බරක් සහිත මේ නිපැයුම කොටස් තුනකට වෙන්කර තබා ගනිමින්ද භාවිත කල හැකි අතර ඕනෑම ස්ථානයකට රැගෙන යා හැකි පරිදි මෙය නිපදවා තිබේ.
සූර්ය එළිය ඇති ස්ථානවලදී ජලය එක්රැස් වන අතර රාත්‍රියේදී සෝලා පැනලය වෙනුවට විදුලිය ලබා දීමෙන්ද ජලය නිපදවිය හැකිවීමද මෙහි විශේෂත්වයකි.
මේ නව නිපැයුම විශේෂයෙන්ම කාන්තාර, කැලෑවල ආරක්ෂක මෙහෙයුම්වලදී, මුහුදු ගමන් ආදී ජලය හිග අවස්ථා වලදී මහත් ප්‍රයෝජනයක් වනු ඇත. මේ නිර්මාණය සිදු කිරීමට මොහුට වසර එකහමාරක පමණ කාලයක් ගතව තිබේ.
මේ සුවිශේෂී නිර්මාණයට ඔහු පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන අතර රුපියල් ලක්ෂ දහයක් පමණ වැය වන පරිසරයේ කසල එකතු කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ යන්ත්‍රයක් නිපදවීමටද හර්ෂක ප්‍රභාත් මේ වන විට කටයුතු කරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ශ්රී ලාංකිකයකුගේ වැඩක්... මෙම ක්රීයාවලිය ඊශ්රායලය මහා පරිමාණයෙන් පසුගිය අවුරුදු 10 ක් පුරාවට අප්රිකානු රටවල සිදුකරගෙන යනවා.
හොඳයි, ඉදිරියට යන්න, අපේ රට තාක්ෂණයේ උච්චතම ස්ථානයක තබා ගන්න. ඔයාට තෙරුවන් සරණයි පුතේ.
මම මේකට පේටන්ට් එකක් තියනවා
dehumidifiers හෙවත් අවට පරිසරයේ ජලවාෂ්ප අයින් කරන යන්ත්ර ගැන කවදාවත් අහල නැති අයට මේවා මැජික්.
හෑල්ලුවට ලක්කරනවා නොවෙයි, නමුත් වායුගෝලයේ ජලය තැන් තැන් වල වෙනස්. නුවරඑළයට වඩා වැඩියි ගාල්ලෙ, ඒක නිසා ඔය ගනන් හිලව් වෙනස් වෙනවා . ඔහොම වතුර හොයන්න තරම් අහේනියක් ඉදිරියේදි රටේ වෙන්න ඉඩ තියෙනවා. ජලය දූෂණය වන විදියට.
ඉතාමත් හොද සොයාගැනීමක්, ධීවර ප්රජාව මේකෙන් ගොඩක් සහයක් වෙයි
ගෙදර දොරේදී පවුලේ අය එකතු වුණොත් මෙය හදා ගන්න පුළුවන්
නව සොයාගැනීම් කොච්චරක් දෝ එලි දැක්වුනා .ලස්සන සහතිකයක් සහ තඹ හෝ පිත්තල වලින් හදාපු සම්මානයක් දීලා මුකුත් උනේ නැති ගානට ඒගොල්ලන්ව පැත්තකට කරලා තියන එකනේ හැම ආණ්ඩුවක්ම කෙරුවේ . මෙවැනි අයට සහ රටට හොඳ අනාගතයක් උදා වෙන්න නම් AKD සහ ජජබ බලයට පත් කරගන්න ඕනේ
ඔක කාන්තාර පෙදෙසක ටෙස් කරලා බලන්න ඔන මුලින්ම ජලවාෂ්ප අඩු පරිසරයක