
(කැලුම් බණ්ඩාර)
ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර ඇත.
විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බවත් පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඇත්ත සුස්ත්ර පුංච මේ දවස් වල මොන්ටිසෝරි වල විවිධ ප්‍රසංග වලට පවා සහභාගිවෙලා දේශපාලන කතාවක් කරන්න තමයි ට්‍රයි කරන්නේ
මිනිස්සු දන්නවා මෙහෙම හරි වියදම් කරන්නෙ මේ ජනාධිපති ආපු නිසා කියලා. නැත්නම් කන්නත් නෑ.
සංවර්ධන වැඩසටහන් සදහා පමණක් නොවෙයි රජය මගින් ක්‍රියාත්මක කරන සහනාධාර බෙදාහැරීම වැඩ සටහන් වලටත් රජයට සම්බන්ධ දේශපාලකයන් විපක්ෂට සම්බන්ධ දේශපාලකයන් ද සම්බන්ධ කර ගැනීමට තහනම් කළ යුතුයි.
හාල් බෙදීම සංවර්ධන වැඩ වලට දාන්න බැහැ, ඒක හිඟමන් පැත්තෙ වැඩක්, ඒව තවදුරත් කරන්න. ඡන්දෙ මාලිමාවට දෙන්න.