
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස කාසියා මාවතේ කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එම කාන්තාව ඇතුළු කාන්තාවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර මෙම ස්ථානය පවත්වාගෙන ගියත් කිසිදු වෛද්‍යවරයකු එම ස්ථානයේ රැඳී නොසිටිය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා මෙම ස්ථානයේ රැඳී සිට මෙම වෘත්තියේ යෙදෙන බවට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරිනියක් පැවසුවාය.
සැකකාරියන් වයස අවුරුදු 25 සහ 37 අතර පසුවන පානදුර ඇල්පිටිය නිට්ටඹුව කැටමුලාව හා පොළොන්නරුව ප්‍රදේශවල පදිංචිකාරියන් වන බව පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... ඩයනා අක්කිත් නැති වෙච්චි එකේ දැං ඉතිං කවුද මේවා නීතිගත කරමු කියලා දියවන්නාවේ වත් කෑගහන්නෙ? "තමන් ගතට තමන්ගෙ අතමය සැනසිල්ල" කියලා හිත හදා ගන්නයි වෙන්නෙ.
ස්පා නාමය යෙදාගෙන සම්භාහන ආයතන තුල ගනිකා වෘත්තියෙහි යෙදීම වහාම නවත්තන්න.එසේ නොමැතිනම් ගනිකා වෘත්තිය නීතිගත කොට ස්පා නාමය සුරකින්න.මේ සදහා අදාල බලධාරීන්ගේ ඇස් විවර වේවා