(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කහදූව ම්බන පදිංචි කසුන් තාරක අලහකෝන් නැමැති 27 හැවිරිදි තරුණයෙකු බවද පොලිසිය කියයි.

අවිත්තාව දෙස සිට පැමිණි යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් ‍යතුරු පැදිය පාරෙන් ඉවතට පැන ගසක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර තුවාලකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.