(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්රකාශයක් කරමින් පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද කීය.
රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා බාර ගත්තේ දුෂ්කර මොහොතකයි. මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා.බයක් සැකක් නැතිව රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.
මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්රමිකයන් එවන මුදල් ප්රමාණය වැඩි වී තිබෙනවා.
මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි.
සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා.
රාජ්ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. රට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාපු හින්දා තමයි රට ඔච්චර වැටුනේ .දැන් හොරා කාපු උන්ට සුර සැප.ජනතාවට දුක් බර
ඔයගොල්ලො ඔක්කොම එකතුවෙලා තමයි රට වසර 76ක් තිස්සෙ රටයි, රටේ ජනතාවයි අපායට දැක්කුවේ. දැනුත් මේ රට සහ ජනතාව අපායේ, දියවන්නාවේ 226 ම දිව්යලෝකෙ සුර සැප විඳිත්දී...
අපායට වැටුණ රට නිරයටම ඇදල දාපු අමනයා
භාර ගත්තද නැත්නම් රාජපක්ෂලා එක්ක ඩිල් දාලා ඩලස් ව පරද්දල ඔතනට ආවද ? හරියට එකක් කියන්න ,අනික රට කොහොමද වැටුනේ කියලත් ඔය ගමන් ම කියුවනම්
මේ රටේම 5 පාරක් අගමැති ,අවුරුදු 50 ක් විතර පාර්ලිමේන්තු මන්ත්රී .දන්නවා ඇතිනේ කවුද මේ රට අපායට ගෙනිච්චේ කියලා නේද ?
මට භාර දුන්නේ කියලා වෙනස් කරන්න .අනික් එක මම මහබැංකුව කලින්ම කඩලා බංකොලොත් කරලා තිබුනා කියන්න හොදේ
ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි. නමුත් රට විනාශ කරපු පිරිස නැවත හිස එසවීමට ඉඩ දීම අනුමත කල නොහැකියි.
දැන් අපි අපායෙන් ගොඩ ඇවිල්ලද?
දැන් අපි ඉන්නේ අපායේ ඉන්ටවල් එකේ. අස්වැසුම, හාල් 20kg එහෙම ලැබෙන්නේ එකනේ. හැබැයි ඉන්ටවල් ඉවර වෙනකොට විඳවන්න වෙනවා සමස්ත ජනතාවටම. එහෙත් රට අපායට ගෙනගිය අය තාමත් සුරසැප විඳිනව.
කවුද රට අපායට වැට්ටුවේ අපිද නුඔලාද ? දැන් රට සුරපුරයක් කියලද හිතන්නේ ? මේ රට විනාශ කල හොරුන් දූෂිතයන්ට දඩුවම් දිලා නැවත හොරකම් නොකරන යුගයකට රට ගෙන නොයන තුරු රට අපායක්ම තමයි.
අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ ඉදගෙන තමනුත් කෙරුවේ රට අපායට වට්ටන්න එක බව මතක තියාගන්න
අපායට වැටෙන්න ලොකුම හේතුව කවුද?
රට අපායට දැම්මෙ කවුද ..අපිද... රට කාල කාබාසිනියා කරල පඩි කතා එපා.
අපායට වැටුණු රට නොව ඔබ හා ඔබේ පක්ෂය ඇතුළු නිල් - කොළ දුෂිත දේශපාලකයින් එකතුවෙලා හොරා කාල අපායට වට්ටපු රට. ලජ්ජා විය යුතුයි මෙවැනි ප්රකාශ කිරීම වෙනුවෙන්. ලෝකයේ සුන්දරම සහ බහු සම්පත් වලින් පිරිපුන් වාසනාවන්ත රටක්. අතිශයින්ම දුශිත චෞර වළල්ලක් මේ රට අපායක් කලා. නියම පාලකයින් අතට පත්වූ දිනක මේ රට සුන්දර වේවි.
ඔහේගේ කාලේ තමා මහ බැංකුව කොල්ලකෑවේ. රටේ වෘත්තිකයන්ට 36% බදු ගහලා ඒ සල්ලි රටේ නිශ්පාදන ක්රියාවලිය දියුණු කරන්න යොදවන්නේ නැතුව අස්වැසුම කියලා නිකන් බෙදලා දෙනවා ඡන්ද බිලීබාගන්න. මරු නායකයා.
ඒත් එක්කම රට අපායට වට්ටපු අයටත් දඬුවම් කරොත් තමයි හොඳ .ඒ අයට සැප
මේ මිනිහාගේ මේ අදෝනාව අහලා එපා වෙලා .පිනා වගේ පැනලා අරගෙන දැන් කියවනවා .කරනවා නම් හරියට කරන්න .හොරකන් කරපු උන් අල්ලලා .නිකන් පිස්සෙක් වගේ අඩන්නේ නැතුව
ඈ බන් උඹ හිතනවාද දැන් සුර ලෝකයක් කියලා සුර ලෝකයක් අපායක් කරපු එකෙක් බයිලා ගහනවා
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ... රට අපායක් කෙරුවේ ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්රාල්, ලක්ෂමන් සහ ජයසුන්දර
රනිල් කලබල වෙන්න එපා; ඔබ රට හැර යන්නේ ඊටත් වඩා නරක තත්වයක ය
සජිත් අනුර විතරක් නෙවෙයි කයිවාරු කාරයෝ මෙතනත් ලියලා තියෙනවා. කයිවාරු ගහන්න ලේසියි ඒත් මීට අවුරුදු 3 කට කලින් තිබුණු තත්වෙන් රට ගොඩ ගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරුවයි හිටියේ මේ සියලු කයිවාරු කාරයන්ට. ඒ තත්වේ තිබුනා නම් මෙයාලා මේ මොහොතෙත් පෝලිම්වල.
78 න් පස්සේ රට කරවපු හැමෝම එකතුවෙලා රට වලපල්ලට යවලා දැන් බයිලා ගහනවා. රළු බාර ගත්තේ ගොඩ දාන්නද? නැත්නම් ගොඩ වඩා ගන්නද?
රට අපායක් කළාට 77න් පස්සේ ආපු ඔක්කෝම වග කියන්න ඕනෑ. දැන් බයිලා කියනවා...!
බාරගත්තා නෙවෙයි, බාර දුන්නා. දූෂිත පවුල් පාලකයෝ? රට අපායට වැට්ටුවේත් දූෂිත දේශපාලුවන් මිසක් වෙන කවුද?
පාර්ලිමේන්තුවේ එදා ඉඳලම ඉඳලා රට අපායට වැටුණා නම් ඒකට ඔහෙත් වගකියන්න ඕන
ටිකක් හරි රට හොදට තිබුන කාලේ යමක් කරන්න තිබුනා නේද, අනිත් රටවල් ගානට මේ රටත් ගෙන්න. ඇයි රට අපායට වැටෙනකම්ම හිටියේ.
අළු ගසලා ඉන්න JVP වනචාරී උන්ගේ කමෙන්ට්ස් කොහොමද.මුන් හිතන් ඉන්නේ හරි ඉහලින් .ලොකු ටෝක්ස් ,වැඩ බින්දුවයි