(අංජුල මහික වීරරත්න)
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අලි සබ්රි මහතා මේ බව කීවෙි "ස්ථාවර රටකට සැවොම එක මඟකට" මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් හා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගනිමින් සියලු ජාතීන් සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහන රැසක් හිමි වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
චීනය මෙන්ම ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට දෙරටේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කර ඇති බවද අලි සබ්රි මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඉතිරි වෙලා තියෙන්නේ ,ණය ගෙවන්නේ නැති නිසාත් ,බොහෝ භාණ්ඩ ආනයනය නවත්තලා තියන නිසාත් මිසක් මුන් ආර්ථිකය වර්ධනය කරන්න කරපු ප්රාතිහආරයක් නිසා නෙමෙයි
ඔයාලා ඔය මොන බයිලා ගැහැව්වත්, ණය ගෙවන්න වෙන්නේ කවදා හරි එදාට ඔය අපේ ඉන්ටවෙල් ඉවරයි බලමුකෝ
ඒත් ඉතින් ගෝඨාගේ ගෝලයා තමයි තාමත් ආණ්ඩුවේ ඉන්න එකයි ප්රශ්නය