IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’

(විමුක්ති එස් රුද්‍රිගු)

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ස්ථිරව ඉවත් කළ නොහැකි බව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවැසුවේය.

සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නේ නම් කෙටි කාලීනව අජිත් නිවාඩ් කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කළ හැකි බව මෝසම විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රකාශ කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබිණ.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල විය.



අදහස් (5)

’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’

Rohana Wednesday, 08 May 2024 02:56 PM

රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිකිරීමටත්, මුදල් අච්චුගසා රට බංකොලොත් කිරීමටත් කබ්රාල් වගකියන්න ඕනෑ...

:       3       56

Nimal Wednesday, 08 May 2024 03:32 PM

මොවුන්ට රටේ සල්ලි කාබාසිනියා කරන්න දෙන්නයි, රට සවාරි ගහන්නයි දෙකම දෙන්න බැහැ.

:       2       39

Prabha Wednesday, 08 May 2024 05:41 PM

පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න තරම් වත්කම් ලැබුණේ මොන ව්‍යාපාරය කරලාද?

:       0       18

Lalla Thursday, 09 May 2024 09:49 AM

සල්ලි අච්චු ගැහැව්වට උද්ධමනය වැඩි වෙන්නේ නෑ කියපු ආර්ථික විද්‍යාඥයා. විදෙස්‌ගත වෙන්නේ නව න්‍යාය ගැන දේශන වලටද දන්නේ නෑ .

:       0       5

fairoos Wednesday, 08 May 2024 05:42 PM

එතකොට රටින් පැනගත්තු අර්ජුන් මහේන්ද්‍රන්ව තාම අල්ලගන්න බැරිවුණා නේද?

:       1       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රිය වෙලා
2024 මැයි මස 20 52 0

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය,කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැ


ලී බඩු අලෙවිසැලේ ගින්නෙන් මුරකරු මරුට
2024 මැයි මස 20 80 0

මොරටුමුල්ල විල්ලෝරාවත්ත ප්‍රදේශයේ ලි භාණ්ඩ හා කුෂන් පුටු නිෂ්පාදනය කරන දෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි මොරටුමුල්ල පොල


බන්ධනාගාර නිලධාරීහු ලෙඩ වෙති
2024 මැයි මස 20 67 0

බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් අද (20) පෙරවරුවේ ආරම්භ කළේය.


‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්න‘
2024 මැයි මස 20 174 1

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.


වසරකට ලෝකයේ ඩොලර් ට්‍රිලියන 1.4 ක් බදු අපතේ
2024 මැයි මස 20 168 2

ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම් වල වාර්ෂික අගය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 1.4 ක් ලෙස ගණන් බලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියාවේ දී ප


යල් පැන්න නීති වලින් ’’උරුමයට’’ බාධා
2024 මැයි මස 20 180 2

දිවයින පුරා “උරුමය” හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 819 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2369 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2034 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site