
(ගයාන් සූරියආරච්චි)
රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරීහු තිදෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ (8) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු තිදෙනා රුපියල් ලක්ෂ 2 ක මුදලක් අල්ලස් වශයෙන් පුද්ගලයකුගෙන් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝන් එකක් හෙල්මට් එක අස්සෙ ගහගෙන හදිසි පණිවිඩයකට කතා කලාම ඔය පොලිස් කාරයන්ට ඒක ලොකු වැඩක්, දුප්පත් මිනිහගෙ පොඩි වැරදි හොය හොය දඩ කොල ලියලිිය දඩයෙන් කොමිස් ගන්නව, ඒවත් අල්ලස්.