
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනු ඇත. ඒ අනුව එම කොමිෂන් සභාව විසින් පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන නියෝජිතයා පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.
මුජිබර් රහුමන් මහතා කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නෑ.
එක ගලි බවුසරයක් අයින් කෙරුවාම සජියා එතනට තව ගලි බවුසරයක් ගහනවා. උසාවි ගිය පේෂල අනාතයි.
කළින් මුජිබර්, පවුසිට දීලා වැරදුණානේ...
මට ඉරහඳ සේ විශ්වාසයි... මේ කාන්තාව වලංගු වීසා නොමැතිව නීති විරෝධීව මෙපමණ කලක් රටේ රැඳී සිටියාවටවත්, තමන් ශ්‍රී ලාංකිකයකු නොවන බව වසන්කර මන්ත්‍රී ධුරයක් දැරුවාටවත් එරෙහිව නඩු නොපරවන බවට...
ඩයනා ( අබිං නොකා ) මෙච්චර කාලයක් පුරා මහජන මුදලින් ලබාගත් මන්ත්‍රී සහ ඇමති වැටුප් මහා භාණ්ඩාගාරයට යළි ලබා දිය යුතු බවයි ජනතාවගේ මතය. ඇය දැන දැනම විශාල වංචාවක් කර තිබෙන බව අධිකරණය තීන්දු කර තිබෙන බව පැහැදිලිවම පෙනෙන බවයි මගේ අදහස. මම වැරදි නම් නිවැරදි කරන්න.
බුදු අම්මෝ ඇති යන්තං කනක් ඇහිලා ඉන්න පුළුවන්....මෝඩ බොරු ලතෝනි ඉවර නිසා....
ලාංකීය පුරවැසියකු නොවන ඇය සිතා මතාම වංචනික ලෙස මහජන මුදලින් වසර 5 කට ආසන්න කාලයක් මහජනතාවගේ බදු මුදලින් යැපුණු ඇයට දේශප්‍රේමී සහ රටට ආදරය කරන පුද්ගලයින් හෝ පක්ෂ විසින් නඩු පවරා එම මුදල් භාණ්ඩාගාරයට ලබාදිය යුතුය.
මෙයානේ සජබ පක්ෂයේ ලියාපදිංචි කරලා තියෙන්නේ.. එතකොට සජබෙන් ආව මන්ත්‍රී ලාත් ගෙදර යවන්න පුළුවන් වුනාද
එතකොට ෆවුස්ට නිකන් පඩිය නේද? ඔක්කොමලා එකයි... මේ සැරේ NPP එන්නම ඕනේ...
පාර්ලිමේන්තුවෙන් නගරාධිපති කමට,නගරාධිපති කමෙන් පාර්ලිමේන්තු වට.පුතානෝටම හරියන ගෝලයා.
ඩයනාගේ වාග් විලාශය ඇසෙනවිට මහා අප්‍රසන්න බවක් දැනෙනවා. මෙවැනි අය පාර්ලිමේන්තුව වැනි ආයතනවලට පත් නොකල යුතුය.ඒ මදිවට මන්ත්‍රීවරුන් සමග රණ්ඩුකරනවා. මේවා මන්ත්‍රීකමට ගැලපෙන දේවල් නොවෙයි.කොහොමහරි මන්ත්‍රිකම අහෝසිවීම අන් මන්ත්‍රීවරුන්ටත් සැනසිල්ලක්.