
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙන බව කී අමාත්‍යවරයා ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්නේ නැති නමුත් ඒ සමග තවත් ප්‍රශ්නයක් පැන නගින බව කීය.
ඩයනා ගමගේ මහත්මියට පුරවැසි භාවය නැතැයි කියමින් අදාල තීන්දුව ලබාදී තිබෙන බව කී අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති ඩයනා ගමගේ බව පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් එන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ.. රනිල් රාජපක්ෂලා එක්ක ඉඳලා මෙතැන ඇවිල්ලා ලොරි ටෝක් එපා.. 88-89 කාලේ කරපු දේවල් වලට තවම අද දුක් විඳිනවා. තමුන්ට ඒ වගේ 5-6 ගුණයකින් කළ ගුණ පස්සෙන් එනවා.
රට බංකොලොත් කරන්න වගකිව යුතු කණ්ඩායම අධිකරණය පෙන්වා දුන්නා නේද?
අවුලක් නෑ ලොක්කා. ඔයා ඇතුලුව තව බොහෝ දෙනෙක් උපරිම මාස 5ක් ඉඳියි..
එතකොට තමා ඉන්න බැසිල්ගේ පොහොට්ටුව ? එයා ඇමරිකන් කාරක්නේ ? මොඩකම ලොකෙට පෙන්නන්න එපා.
මැතිවරණ නීතිය අනුව, පක්ෂයක නාමයෝජනා පත්රවලට අත්සන් කිරීමට බලය ඇත්තේ, ලේකම්ට පමණයි. පක්ෂයේ නායකයාට, සභාපතිට හෝ උපලේකම්ට හෝ වෙනත් නිළධාරියෙකුට එම බලය නෑ. මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමත් සමගම පිළිගත් පක්ෂවල ලේකම්වරැන්ගේ නම් මැතිවරණ කොමිසම මගින් ප්‍රසිද්ධියට පත්කරනවා. ඒ අනුව රංජිත් මද්දුමබණ්ඩාර සජබ ලේකම්වරයා හැටියට මැතිවරණ කොමිසම පසුගිය මැතිවරණයට පෙර පිළිගෙන අවසන්. සියළු නාමයෝජනා පත්රවලට අත්සන්කර ඇත්තේ සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්. කළින් එම පක්ෂයේ තනතුරැ දරා, පසුගිය මැතිවරණයේදී එම පක්ෂය සජිත් ප්‍රේමදාසට බාරකළ පසු සියළු නිළතලවලට සජිත්ගෙ ආධාරකරුවන් පත්කළා. ඒ නිසා පක්ෂයේ අයිතිය හෝ දැනට සිටින අයගේ මන්ත්රීධූරවලට කිසිදු අවදානමක් නෑ. එම පක්ෂය බාරකළ නිසා යුතුකමක් හැටියටයි සජිත් විසින්, ඩයනාද ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට පත්කිරීමට ලේකම්ට උපදෙස් දුන්නේ. ඇය පත්කළේත් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින්. නඩුව තිබුනේ ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන්. ඩයනාගේ නීතිඥයින් අධිකරණයේදී තර්ක කළේ ඩයනා ශ්‍රීලංකා පුරවැසියෙක් බව පවසමින්. එතකොට ඩයනා නඩුවෙන් දිනුවනං, රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සන් නීත්‍යානුකූලයි
ගෙම්බෙක් ගිය උඩ...
රනිල්ට කඩේ යන ගමන් කයිවාරු ගහන මනුස්සකමක් නැති උද්දච්චයින්...
එතකොට ඔයා මන්ත්‍රී වුනේ බැසිල්ගේ පක්ෂෙන්නේ. එයත් ඇමෙරිකන්නේ. එහෙනම් ඔබත් ගෙදර...
තමන්ගේ වාසියට කියන කතා මිසක් බුද්ධියෙන් කියන කතා නෙවෙයි. පාර්ලිමේන්තුවට ඕනම රූකඩයක් මේ විදිහට ගැලපෙනවා.
ඔබතුමාට එරෙහිව දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලය නඩුවට ඔයා අල්ලපු ලෝයර්ම අල්ලලා දුන්නොත් සජබේ අයටත් ගොඩයන්න පුළුවන් නේද ඇමැතිතුමා?
විකාර කතා කියන්නේ නැතුව ඉන්න කාංචනා. පොඩ්ඩක් ඔයාගෙ ඔළුව පරීක්ෂා කර ගන්න.
කාට වැරදුණත්, ඔයාට නම් වැරැදිලා නෑ, රාජපක්ෂලා කැලේ, පියාගෙයි, පුතාගෙයි වැඩත් එක්ක...
අනේ යන්න...!
මෙන්න සුදනෙක්... රටේ ජනතාව අන්ත අසරණ කලා කළුකඩ විදුලි බලයක් හදලා. ආණ්ඩුව බිස්නස් කරන්න හොඳ නැහැ කියලා කෝටි 8000ක ලාභයක් ගත්තා ... ජනතාව හූරාගෙන කාලා.. කළුකඩ මුදලාලි සූදානම් වන්න ගෙදර නවතින්න...
CEB එකෙන් ගහන කමිෂන් රටේ ඔක්කොම දන්නවා. දුප්පත් මිනිස්සුන්ගේ සාපෙ වදිනවා හොරුන්ට...
සැබෑ ලෙසම ගරු අධිකරණය මගින් විසඳා ගතයුතු කාරණාවකි.
මේ වගේ ගොන් මැට්ටන්ව ඊලග සැරේ පාර්ලිමේන්තුවට එවන්න එපා, මහින්ද රාජපක්ෂටයි ගෝටාබය රාජපක්ෂටයි පිං සිද්ද වෙන්න පාර්ලිමේන්තුවට ආවේ එදා පොහොට්ටුවට තිබුණු ජන රැල්ලට මේ සැරේ ඒවා හබක්
මම අහන්නේ, පහුගිය කාලේ මුදල් ඇමැති වෙලා හිටපු බැසිල් රාජපක්ෂට ඔය කියන නීතිය අදාළ නොවුනේ ඇයි..?එදා ඔය ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න නීති වෙනස් .උනාද.? මේ ගැන කවුරුන් හෝ පැහැදිලි කරන්න
නොදන්න දේ කතා කරලා ජනයා නොමග යවන්න ඔයා දක්ෂ වුනාට ඔයට වඩා දැන් ජනතාවට මොලේ තියෙනවා.. බොරු බේගල් බාන්නේ නැතුව වැඩක් බලා ගන්න
කාංචන තමුසෙත් හොඳ පෙරකදෝරු මහත්තයෙක් හොයාගෙන ලැහැස්තිවෙනවා, රටේ ජනතාවට තමුසෙත් එක්ක ලොකු ගනුදෙනු වගයක් තියෙනවා. සමහරවිට තමුසෙයි, රනිලුයි, නාකි මයිනයි ..ළඟ ලඟම කුඩුවල ලගින්නටත් පුළුවන් ලබන අවුරුද්දේදී.
සියලුම මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය පරීක්ෂා කරන්න.
එහෙම කෙනෙක් අත උස්සල සම්මත කරපු තමන්ගෙ විදුලිබල පනතත් නීත්‍යනුකූලද?
මූ දන්න නීතිය. මුගෙ අප්පා ඌ කරපු පව්වල විපාක තාමත් විඳිනවා. ඒ දවස්වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ වීරයෙක් වුණ මුගේ අප්පා ශිෂ්‍ය සංහතියම පාවාදුන්නා. රුහුණේ තිබුණ විරු සිසු ස්මාරකය මුගේ මැරයෝ දාලා කඩාදැම්මා. මාතර උත්ඝෝෂණ කරපු ශිෂ්‍යයන්ගේ අට්ටාල කඩලා උන්ව පන්නලා ඒවයේ කොණ්ඩම් තිබුණා කියලා ප්‍රසිද්ධ වේදිකාවල කෑ ගැහැව්වා. ඔය කොණ්ඩම් වලට ප්‍රසිද්ධ පොරක් තවත් ඉන්නවා. එයාටත් මැරෙනකොට කටේ කොණඩමයක් දාගෙන තමයි මැරෙන්න වෙන්නේ.
මෙයාගෙ තර්කෙ නම් වැරදි නැහැ, ඇත්තටම ඩයනාට මුල් පක්ෂය ලියාදිංචි කිරීමේදී ලංංකාවේ පුරවැසිභාවය තිබිලා නැත්නම්. ද්විත්ව පුරවැසිභාවය තිබුණනම් පක්ෂයේ ආරම්භය පිළිබඳව අදාල විය හැක්කේ බැසිල් මහත්මයාට අදාල නීති කරුණම වියහැකියි. හේතුව පොහොට්ටුව එයාගෙ පක්ෂය වීමයි. කාංචන උන්නැහැ ත්ත්වය දැනගෙනද එක්ක කතත් බොක්ක වෙනයි චෝදනාත් ඇති සගයන්ට ඇඟිල්ල උරුක් කරන්නෙ!
අන්න කලොත් වැඩේ. ඩයනාට විරුද්දව පෙත්සම ගැසුවා නම් අපිත් return එක දෙමු.
ඩයනා පාර්ලිමේන්තු ආවෙත් සජබ ජාතික ලැයිස්තුවෙන්. ගැලරිය පිනවන්න එපා
අපායට යන්න ලෑස්ති වෙලා ඉන්න ලොක්කා. තොගෙ අසාධාරණ බිල් නිසා ලයිට් කපපු පවුල් ලක්ෂ 10කගේ සාපයෙන් ගැලවිල්ලක් නෑ.