
(ටී.කේ.ජී.කපිල )
දකුණු අප්‍රිකාවේ පැවති විස්සයි විස්ස සහ එක් දින තරගාවලි දෙකම සහ ඩුබායි හි පැවති ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟ සියල්ල ද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මාස දෙකක්, ක්‍රිකට් තරඟ සංචාරයන් දෙකක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙසේ යළිත් මෙරටට පැමිණ තිබුණි.
ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙසේ පැවසීය .
අපට මෙම ජයග්‍රහණය කිරීම සදහා කණ්ඩායමේ දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ද විශාල සහයක් ලබා දුන්නා .
එළඹෙන ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම සමඟ තරගාවලියක් ද , ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ අයර්ලන්තයේ ක්‍රිකට් තරගාවලි සංචාරයක් ද සදහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිත බව ද ඇය පැවසුවාය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමට වඩා ජයග්රාහි මාවතක සිටීම නිසා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය පහසුකම් හා,අනුග්‍රහය දැක්වීම ක්‍රිකට් බළ ධාරින්ගේ යුතුකමකි.ඉදිරියේ තිබෙන තරගාවලිය ද ජයග්‍රහණය කිරීම සදහා චමරි අතපත්තු ප්රමුඛ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමු.
ඔබ සියළුදෙනා අපේ රටට ආඩම්බරයක්. සුභ පැතුම්!
ඔබ සැමට අපේ සුබ පැතුම්
අර ෂම්මිගේ වල්වැදුන කොලු රෑනට වඩා හොඳට ගෙවීමක් මේ උත්සාහවන්ත කෙල්ලන්ට දෙන්න ඕන නේද? ජයග්‍රහණය සඳහා සියල්ලටම වඩා ශික්ෂණය අවශ්‍ය බව මේ කණ්ඩායම සාක්ෂ්‍ය දරනව....
චමරී ඇතුළු කන්ඩායමට උනුසුම් සුබ පැතුම්! චමරීගේ දක්ෂතාවයන් නම් සුපිරි
සුබ පැතුම්