රැකියා විරහිත උපාධිධාරීන්ට ජල ප්‍රහාරයක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය බත්තරමුල්ල පොල්දූව හංදියේ පවත්වන විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය. 18 June 2024
රජයේ පොහොර සමාගම් දෙකේ 278ක් විශ්‍රාම ගන්වයි රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට අද (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි 18 June 2024
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ. 18 June 2024
’’ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා’’ පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 June 2024
පොලිස් කොමිසමේ ලොකු පුටුවක් හිස් වෙයි ජාතික පොලිස් කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ සාමාජික ධුරයක් පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. 18 June 2024
පුටින් උතුරු කොරියාවේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි. 18 June 2024
පුද්ගලයන්ගේ පළමු දේපොළ කුලී බද්දෙන් නිදහස් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අධ්‍යයනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 June 2024
හෙරොයින් සමඟ පීසී මාට්ටු හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු පුල්ලේයාර් හන්දිය ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 18 June 2024
සොරකම් කළ ත්‍රිරෝදරිය මිලටගත් එස් ටී එෆ් සෙබළා අත්අඩංගුවට රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගත් බව රත්ගම පොලිසිය පවසයි. 18 June 2024
මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් සෞඛ්‍ය අංශ පවසයි. 18 June 2024
හෙට සිට වැස්ස වැඩිවෙයි දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 June 2024
ඉන්දීය සහකාර මහ කොමසාරිස් නාමල් උයනට යයි ගල්කිරියාගම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් බැහැ දැක, ජාතික නාමල් උයනද නිරීක්ෂණය සඳහා ඉන්දියානු සහකාර මහකොමසාරිස් වෛද්‍ය අතිරා එස් මැතිණිය අද (17) කටයුතු කරනු ලැබුවාය. 18 June 2024
ගිනි අවි දෙකක් සමග දෙදෙනෙක් මාට්ටු විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවි දෙකක්, මැගසින් දෙකක් සමග සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුර කියයි. 18 June 2024
රට පොල්තෙල් මිල ඉහල දැමීම කූඨ ක්‍රියාවක් ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 18 June 2024
අනතුරින් මණ්ඩලයට කෝටි එක හමාරක පාඩුවක් ලබුගම කලටුවාව ජලාශ පිරිපහදුවේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන නල මාර්ගයකට මීගොඩ ගොඩගම ප්‍රදේශයේ දී සිදු වූ හානිය නිසාවෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු ) කුමුදු විජේගුණවර්ධන මහතා පැවසීය. 18 June 2024
නීතිපති සේවා දිගුව: අවසාන තීරණය අද නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ අද (18) පස්වරුවේ නැවතත් සලකා බැලීමට නියමිතය. 18 June 2024
වාහන පර්මිට් එකට මන්ත්‍රීවරු පස්ස ගසති තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 18 June 2024
දිඹුලාගල සෙල්ලිපිය මාසයක්ම කියවලා ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනින් හමුවූ ලොව විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ සියලු අක්ෂර අද (17) අලුයම වන විට කියවා අවසන් වූ බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලාංකාර නාහිමියෝ පැවැසූහ. 17 June 2024
නීති ප්‍රතිසංස්කරණ කර වාර්තාවක් තබයි 2022- 2024 මෙරට වැඩිම නීති ප්‍රතිසංස්කරණ ගණනක් සිදු කළ කාල වකවානුව ලෙස ඉතිහාසගත වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පැවසීය. 17 June 2024
ගොයම් කයිය අටක් රෝහලට යවයි ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි. 17 June 2024
රනිල් - සජිත් - අනුර බලයට ඒම අපරාධයක් එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගි ජන බලවේගයේ සජිත් පේමදාස සහ ජාතික ජන බලවේගයේ අනුරදිසානායක යන අය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්පත් නාස්ති කිරීමක්යැයි සර්ව ජන බලය සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය 17 June 2024
යුද කැබිනට්ටුව ගැන බෙන්ජමින් තීරණයක් ගන්න යයි සාමාජිකයන් සය දෙනකුගෙන් යුත් ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇතැයි අද (17) එරට මාධ්‍ය වාර්තා කළේය. 17 June 2024
ගුවන් හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. 17 June 2024
පොසොන් සතිය ඇරඹෙයි අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කෙරෙන එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය අද (17) සිට ආරම්භ කෙරෙයි. 17 June 2024
ඕස්ට්‍රේලියන් ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනිගනියි ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගොඩබා ඇත. 17 June 2024
’’ඇමතිවරුන්ගෙන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000ක පොලු’’ බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය. 17 June 2024
බඳින තුවක්කුව පත්තුවී මුරකරු මරුට මන්නාරම, සිලාවතුර පරප්පකණ්ඩාල් හි කජු සංස්ථාවට අයත් ගොවිපොලේ මුරකරුවකු එහි රාජකාරී කරමින් සිටියදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මියගොස් අැතැයි සිලාවතුර පොලිසිය කියයි. 17 June 2024
කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. 17 June 2024
සභාපති ධූරයෙන් අස් වුණේ නඩු දැමූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය 17 June 2024
ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගුවන් යානයක මගීන් අතරේ අසුන් ගෙන ජපානය බලා යෑමට සිදුවිය. 17 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026