කොට්ටය යට ඩ්‍රයිවින් ලයිසමෙන් බිරිඳගෙ හොරේ අතේ මාට්ටු නිදන ඇඳේ කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමිය ප්‍රදේශයකින් වාර්තාවේ. 14 January 2023
ගැටිස්සියට වහ වැටුණු දෙදරු පියාට පාරත් අමතකවෙලා බිරිඳ හා කුඩා දරුවන් දෙදෙනා තනිකර දමා තරුණියක සමග ජීවත්වීමට ගොස් සිටි සැමියෙකුට නැවත බිරිඳ හා දරුවන් සමග නිවසට යාමට සිදුවූ පුවතක් හක්මන පොලිසියෙන් වාර්තාවේ. 14 January 2023
විදුලි බලු මණ්ඩලෙන් මනු කියවන්නාට මිනී පෙට්ටියක් හමුවෙලා මිනී පෙට්ටියක් ගේ ඉදිරිපිටට ඒමේ අපූරු සිදුවීමක් පසුගියදා ආරංචි වූයේ මැණික් පිළිබඳව ප්‍රසිද්ධියක් දරන නගරයකට ආසන්න ග්‍රාමීය ප්රදේශයකිනි. 14 January 2023
වචන මාරුවී සාම්බාරුවෙන් අමුතු සුවඳක් උදාවෙන නව වසර වෙනුවෙන් බලපිටියේ ගමක තරුණ පිරිසක් දානයක් දීමට සාම්බාරු හොද්ද හදන්න ගොස් අලි අමාරුවක වැටුණු පුවතක් අසන්නට ලැබිණ. 14 January 2023
ත්‍රිරෝද ගාස්තුවට සොරාගත් දුරකථනයක්දී රියැදුරා අමාරුවේ ත්‍රිරෝද රථයක් රාත්‍රි කාලයේ කුලියට රැගෙන ගොස් කුලිය වෙනුවට සොරකම් කරන ලද ජංගම දුරකතනයක් ලබා දී මාරුවීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. 14 January 2023
වහලෙන් ඇවිත් සූර්වී ජනේලෙන් ගෙදර ගිහින් පෙරේතකම නිසා සොරෙකුට ආ කාරණයද අමතක වී නිවැසියන්ට හසුවීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තාවේ. 14 January 2023
සාදයේදී පදම වැඩිවී පැරැණි පෙම්වතියගේ ගෙට රිංගලා ගාල්ල නගරය ආසන්නයේ කාර්යාලයක පැවති අලුත් අවුරුදු සාදයකි. සාදයට එක්වූවෝ විවිධ රංගන ඉදිරිපත් කරමින් ගීත ගායනා කරමින් සාදය වර්ණවත් කළහ. ඒ අතර පසෙක මේසයක් උඩ බෝතල් රැසක්ද තබා තිබිණි. සාදයේ ගීත ගායනා කළ අයට ඒවා නැතුවම බැරිවිය. පිරිමි පිරිස එම ස්ථානයට ගොස් හිතේ හැටියට වීදුරු හිස් කරන්නට විය. 13 January 2023
මහ රෑ අාච්චිගේ ඇඟට උඩින්පැන මිනිපිරිය කොල්ලෙක් එක්ක ගිහින් වැඩි ආරක්ෂාව පතා මිත්තනියගේ නිවෙසේ නතර කර සිටිය දී මිත්තනිය තද නින්දට වැටුණු අවස්ථාවේ දී පෙම්වතා සමග පැන ගොස් ඇතැයි කියන තරුණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 12 January 2023
දේශකයාගේ සනුහරේම ඇවිත් කෑම මේසය හිස්කරලා: ආරාධිත අමුත්තන්ට හුළං වැඩසටහනකට පැමිණි දේශකයාගේ සනුහරේම අනාරාධනයෙන් තේ මේසයට ගොස් බඩ කට පිරෙන්න කෑමෙන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීමට නොහැකිව සංවිධායකයන් අලි අමාරුවක වැටුණු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 11 January 2023
අවමඟුල් පෙරහරේ ‘මල් වඩම’ එවලේම ‘මල් ශාලාවේ’ අවමඟුල් පෙරහරේ රැගෙන ගිය මල් වඩම් කිහිපයක් අතුරුදන්වීමේ සිද්ධියක් හේතුවෙන් ඇති වූ කලබගෑනියක් පිළිබඳව ගම්පහ දිසාවේ නගරයකින් වාර්තා වේ. 10 January 2023
හොල්මන් මන්දිරයේ මළ මිනියටත් අම්බානක නෙළලා වෙළෙඳ සැණකෙළියේ හොල්මන් මන්දිරය තුළ මළ මිනියක චරිතය නිරූපණය කළ පාසල් සිසුවකුට මිනී පෙට්ටිය තුළ දී පහර දී තුවාල සිදුකිරීමේ පුවතක් හක්මන ප්‍රදේශයෙන් වාර්තාවේ. 09 January 2023
සූර්වී කරපු වරදට බිරිය සැමියාට අලුකෙහෙල් කවලා වෙරිමරගාතේ පැමිණ නිවෙස අසල තිබූ පැසුණු කෙසෙල් කැන තිබියදී නොමේරු කෙසෙල් කැන කැපූ පුද්ගලයෙකුට ඔහුගේ බිරිඳ විසින් අපූරු දඬුවමක් ලබාදුන් පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. 07 January 2023
පන්දාහේ කොළේට බස් කොන්දොස්තරගෙන් දඬුවමක් අගනුවර සිට පාලින්දනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයකි. අගනුවර ආයතනයක රැකියාවේ නියුතු මැදිවියේ පුද්ගලයකු එදින සැන්දෑවේ මේ බස් රථයට ගොඩවන්නේ ඉක්මනින් ගෙදර යන්නටය. බස් රථයට ගොඩවූ මගියා හරි මැදට වන්නට ආසනයක ඉඳගෙන කොන්දොස්තරවරයාට තම අත තිබූ එකම පන්දහසේ කොළය ලබාදී ගමනාන්තය කීය. 05 January 2023
පින් පත්තරෙන් මාටියා ගසා ගමටම බලු වෙලා පින් පත්තරයක හොරේ අසුවී අලි ජංජාලයකට මුහුණ දීමට සිදු වූ තැනැත්තකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ. 04 January 2023
පුතුගේ මඟුලට පහුවදා තාත්තා අනියම් කතක් එක්ක මඟුල් කන්න ගිහින් සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යය යෙදුණු දිනට දින කිපයකට පමණ පසු දරුවන් සහ බිරිය අතහැර අනියම් කාන්තාවක රැගෙන පලා ගිය පියකු පිළිබඳ පුවතක් දුම්බර කඳුකරය පාමුල ගම්මානයකින් වාර්තාවිය. 03 January 2023
බිරිඳ අනියම් සැමියාටදී සැමියා රතිඤ් පත්තුකරලා අනියම් සම්බන්ධයක් ඇති කරගත් විවාහක බිරිඳ පොලිස් පොතේ ලියා අනියම් පුරුෂයාට බාරදී ඔවුන් දෙදෙනා පිටත්ව යන අවස්ථාවේ තම ඥාති හිතවතුන් සමග රතිඤ්ඤා දල්වමින් ප්රී්රතිය පළකල සැමියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වේ. 02 January 2023
හනිමුන් දා මනාලයා මනාලියගේ තෙල් කුප්පිය දොට්ට වීසි කරලා සිය මලනුවන් හා නැගනියගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් සිය දිවිය කැපකොට ඔවුන්ට ආවාහ විවාහ කටයුතු ද සිදුකළ ලොකු අයියා කෙනෙකුට කල් ඉකුත් වූ විවාහයේදී සිදුවූ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ වයඹ පළාතේ දුෂ්කර ගම්මානයකිනි. 31 December 2022
ලේලියගේ හොර අල්ලන්න ගිහින් මාමා පොලිස් කූඩුවේ ලේලියගේ හොරවැඩ ඇල්ලීමට ගොස් පොලිස් කූඩුවේ ලගින්නට සිදුවූ මාමා කෙනෙකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 30 December 2022
අල්ලපු ගෙයි පෙමට කපුටෙක් බාල්දියක් දාලා පොල්කටු සෙල්ලමක් පාදක කොටගත් අසම්මත පෙම් පලහිලව්වක් කපුටකු නිසා විනාශ මුඛයට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සත්වෝද්‍යානයක් නිසා ප්‍රකට වූ ප්රදේශයකිනි. 29 December 2022
මුව මස් කියා රු 18000 ක්දී අමුතුම විදියේ කෑමක් අරගෙන මුව මස් කියා රුපියල් 18700ක් වියදම් කර අමුතුම ‘කෑමක’ කිලෝ විස්සක් මිලදී ගත් සිද්ධියක් අම්පාරෙන් වාර්තාවේ. 28 December 2022
මහත්තයට පාඩමක් උගන්වන්න නෝනා වෙරිවෙලා හැන්දෑවට කටගොන්නක් බී ගෙන අසල්වැසියන්ට ද බැණ ගෙන නිවෙසට හතර ගාතේ පැමිණ බිරියට ද පරුෂ වචනයෙන් බැන පහර දීම් සිදු කරන විශ්‍රාමික ග්‍රාම සේවා නිලධාරියකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 27 December 2022
ඇමැති එක්ක තරහට රූප පෙට්ටිය කුඩු කරලා විදුලි බිල ජනවාරි මස යළි ඉහළ දැමීමට සිදුවෙනවා යැයි අදාළ ඇමැතිවරයා රූපවාහිනියෙන් කියනු ඇසී ඇතිවුණු වාවනු බැරි කේන්තිය නිසා අලි අමාරුවක වැටුණු අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 26 December 2022
හැන්දෑවේ පදම වැඩිවී ’ලුණු මිරිස් තලිය’ ගිල රොටිය පිඟන් රාක්කයේ නවලා තාත්තා අමුතුම තාලෙට රොටී ආහාරයට ගෙන ඇති ආකාරය දුටු දියණිය පුදුම වූ පුවතක් යාපහුව අවට ගමකින් අසන්නට ලැබුණි. 24 December 2022
අලුත ගෙනා මනමාලිට වෙලාව පරක්කු කළ නැන්දම්මාට තේ කෝප්ප ප්‍රහාරයක් වේලාවට කිරි කෝප්පයක් සාදා අතට නොදුන්නා යැයි පවසා අලුත ගෙනා මනාලියක් නැන්දම්මාට කිරි කෝප්පයකින් දමා ගසා රැකියාවට ගොස් ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 24 December 2022
මිතුරාගේ මිනියට ආචාර කරන්න යාළුවෝ මෝචරියේ පොරේ හොඳම හිතවතා හදිසියේ මියගියාට පසු දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ ශීතකරණයේ තැන්පත් කර තිබුණු අවස්ථාවේ දී අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර අවසරයකින් තොරව මහ රෑ මෘත ශරීරාගාරය අසලට පැමිණ මියගොස් ඇති හිතවතාට කතා කොට ඇතැයි කියන තරුණයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි. 24 December 2022
කෝච්චියේදී හොරා ගිල්ල රන් මාලය බඩෙන් අතුරුදන් රන් මාලයක් කඩාගෙන දිවයන විට පසුපසින් එහි හිමිකරු දිවගෙන ආ නිසා සොරා එය ගිල දැමුවත් පසුව ගිල දැමූ මාලය අතුරුදන්වීමේ පුවතක් වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 24 December 2022
ලාබෙට බිත්තර කන්න ගිහින් හොට බිම ඇනගෙන දෛනික වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග වැඩි මිලට බිත්තර මිලදී ගැනීම වෙනුවට කිකිළියන් සිව් දෙනෙකු ඇතිකිරීමට මිලදී ගැනීමට ගොස් අමාරුවේ වැටුණු පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. 24 December 2022
කට වරද්දාගෙන මඟුල කඩාගෙන තම අයියාගේ පුතාගේ කතාවක් හේතුවෙන් විවාහයක් නතර වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 24 December 2022
ගෙදර බල්ලත් පුතාගෙ ඉස්කෝලෙටම යවලා ගෙදර ඇති දැඩිකළ බල්ලා බුරනවා වැඩියි පවසා දරුවා ඉගෙනුම ලබන පාසලට ගෙනවිත් දැමූ පියකු පිළිබඳව ගම්පහ දිසාවේ ගමකින් වර්තා විය. 23 December 2022
කුණු කොන්ත්‍රාත්තුවට සායමත් හේදිලා නිවසේ දෛනිකව එකතුවන කැළි කසළ බැහැර කිරීමට යොදාගත් අපූරු උපක්‍රමය නිසා අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳ දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 21 December 2022
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026