ඈත අතීතයේ ප්‍රසිද්ධ කියමනක් වන ‘‘අපේ තාත්තා අටුවේ නැහැ” යන කියමන සිහිපත් කරමින් ඒ හා සමාන කතා පුවතක් එක්තරා ප්‍රදේශයක පාසලකින් වාර්තා විය.
අටුවේ කතාව ගෙතුණේ පොලිසියෙන් වරදකරුවකු වූ පුද්ගලයෙක් තමා සොයා ගෙදරට එන පොලිස් නිලධාරීන් දැක දිව ගොස් අටුවේ සැඟවෙන ගමන් පුතේ මම අටුවේ ඉන්න බව කියන්න එපා යැයි තම පුතාට පැවසීය. පොලිස් නිලධාරීන් නිවසට විත් පියා පිළිබඳ විමසන විට දී පුතා ‘‘අපේ තාත්තා අටුවේ නැහැ” යැයි පැවසීය.
මේ හා සම වූ සිද්ධිය සැකෙවින් මෙසේය.
පාසලේ ශ්‍රමදානයක් පැවැත්වීමට කැත්තක් උදැල්ලක් ගෙන මවුපියන්ට පාසලට පැමිණෙන ලෙස විදුහල්පතිවරයා සිසුන් දැනුවත් කළේය. අදාළ දිනයේ බහුතරයක් පිරිස පැමිණ සිටි බැවින් ශ්‍රමදානය සාර්ථකව සිදු කෙරුණි.
එහෙත් පසුදින නොපැමිණි මවුපියන්ගේ වාර්තාවක් ලබාදෙන ලෙස විදුහල්පතිවරයා පන්තිභාර ගුරුවරුන් දැනුවත් කර ඇති අතර එහිදී ගුරුවරිය නොපැමිණි මාපියන්ගේ දරුවන් කැඳවා නොපැමිණීමට හේතු විමසන්නට විය.
එහිදී එක සිසුවෙක් ‘‘ටීචර්, මම ගෙදර ගිහින් කිව්වා. ඊට පස්සේ අපේ තාත්තා කිව්වා ඔයාට ශ්‍රමදානයට එන්න කියලා කියන්න අමතක වුණා කියන්න” යැයි පැවසීය.
හේතු ඇසූ ගුරුතුමිය සිනාවේවීම විදුහල්පතිවරයා වෙත ගොස් සිදුවීම පිළිබඳ පැවසූ බව දැනගන්නට ලැබුණි.
මැදගම වාර්තාකරු
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘එදා තාත්තා අටුවෙ නෑ’ කතාව අද යළි පාසලකින් මතුවෙලා