පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
මහනුවරට නුදුරු පිටිසර ගම්මානයක පිරිසක් අනුරාධපුර නගරයේ ඉහළ පෙළේ හෝටලයකින් දහවල් ආහාරය හැඳි ගෑරුප්පුවලින් ලබා ගැනීමට ගොස් කෑම මේසයේ තිබූ පිඟන්, පීරිසි, වීදුරු පෙරළා කෑම මේසය යුද පිටියක් කළ පුවතක් වාර්තාවේ.
මහනුවර නගරයේ සිට කිලෝමීටර් තිහකට වැඩි දුරකින් පිහිටි ගම්මානයක පිරිසක් වන්දනාවේ ගොස් නගරයේ පූජනීය ස්ථාන වන්දනාමාන කර ගත්තේ දැඩි භක්තියෙනි. අවසානයේ ඔවුන් නගරයේ හෝටලයකට ගියේ දහවල් ආහාර ලබාගැනීමටය.
හෝටලයට පැමිණි පිරිස ඉතා ආදරයෙන් පිළිගෙන ඔවුන් සියලු දෙනාට එක්ව ආහාර ගැනීමට හැකි වන ලෙස එක මේසයක් පිළියෙළ කරදීමට හෝටල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇත.
කෑම මේසයේ වාඩිවී සියලු දෙනා අත සේදීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේ අතින් ආහාර ලබා ගැනීමේ අරමුණිනි. හෝටල් සේවකයා අතින් නොකා කැමැති නම් හැඳි ගෑරුප්පුවලින් කෑම කා හැකි බවට දැන්වීය.
ඒ අනුව හැඳි ගෑරුප්පු අතට ගත් පිරිස එකිනෙකා දෙස බලමින් ආහාර බෙදා ගැනීමට පටන් ගෙන ඇත්තේ හැඳි ගෑරුප්පුවලින් ආහාර ලබා ගැනීමේ නුහුරු බව පෙන්වමිනි.
ආහාර ගැනීමත් සමඟ මෙතෙක් නිහඬව තිබූ ශාලාව හැඳි ගෑරුප්පු හඬ නංවමින් හැඳි ගෑරුප්පු බිම වැටෙමින් වතුර වීදුරු සහ වෑංජන පීරිසි පිඟන් මේසය මත හා බිමට වැටී කැඩී බිඳී යාම නිසා මුළු ශාලාවම යුද පිටියක් බවට පත්විය.
සියලු දෙනා ආහාර ලබාගැනීමෙන් පසුව ආහාර ඇණවුම් කළ අයට ලබාගත් ආහාර සඳහා එක බිලකුත් බිඳ දමන ලද වීදුරු සහ පිඟන්වලට වෙනම බිලකුත් ලබා දී ඇත.
බිල් දෙකම ගෙවා දැමූ පිරිස හෝටලයෙන් පිටව ගියේ පොසොන් එකටත් අපි අනුරාධපුරේ එනවා යැයි පවසමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටත් විජිතයක් වෙච්චි රටක්... තිබුණා නම් එහෙම ගොඩේ ගොඩ...