IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන්

වීමෝලකින් කොටාගත් සහල් උරයක් ත්‍රීවීල් රථයක පිටුපස තබාගෙන එය අයිතිකරුට භාරදී හයර් කුලිය ගැනීම සඳහා යමින් සිටි ත්‍රීවීලරයක් අතරමඟ නතර කොට හයර් එකක් යෑමට එයට ගොඩ වූ  තරුණයකු අසමජ්ජාති වැඩක් නිසා ත්‍රීවීල් රථ රියදුරුට පොලිසි යාමට සිදුවූ සිද්ධියක් ගැන වාහල්කඩ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි.

ඒ අතරතුර ගල්කඩවල ප්‍රදේශයේදී බීමත් තරුණ පිරිසක් මාර්ගය අවහිර කරගෙන රණ්ඩු වෙමින් සිටියහ. ඉන්පසු එම පිරිසෙන් තරුණයකු ත්‍රීවීලරය ළඟට පැමිණ ‘‘අංකල් මාව කහටගොල්ලෑව හන්දියට දාලා එන්නකෝ. ඔයා ගන්න ගානක් ගන්න. මට හදිසියි ’’යැයි පැවසීය.

ත්‍රීවීල් රථ රියදුරා රථය ආපසු හරවා ඔහු රැගෙන කහටගොල්ලෑව හන්දියට පැමිණ, තරුණයා බස්සවා හයර් කුලිය රැගෙන ආපසු එම මාර්ගයේම ගල්කඩවල දෙසට ධාවනය කරමින් සිටියේය.

මේ එන අතර මගදී ත්‍රීවීල් රථ රියදුරාට හදිසියේම පිටුපස දමා තිබූ සහල් උරය මතක් වී ආපසු හැරී බැලුවේය.‘‘දෙයියෝ සාක්කි’’හාල් උරේ නෑනේ. එකත් එකටම අරූ හාල් උරයත් අරගෙන බහින්ඩ ඇති’’ යැයි තමාටම කියාගෙන හැකි ඉක්මනින් ආපසු රථය හරවා කහටගොල්ලෑව හන්දිය දක්වා වේගයෙන් ධාවනය කළේය. කහටගොල්ලෑව හන්දියට පැමිණි පසු ඔහු අවට විපරම් කර බැලුවත් ත්‍රීවීලරයෙන් පැමිණි තරුණයා පේන්නට නොසිටියේය. ඔහු තමාට වූ අකරතැබ්බය වෙළෙඳසල් හිමියන්ට පැවසීමෙන් පසු එක් වෙළඳසැල් හිමියෙක් කියා සිටියේ සහල්  උරයක් රැගෙන තරුණයකු බසයට ගොඩ වූ බව තමා දුටු බවය.

පමණක්ද නොව, කඩහිමියා පවසා සිටියේ සහල් උරය රැගෙන ගිය තරුණයා තමා දන්නා අයෙකු බවත්, ඔහු වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ පදිංචි අයකු බවත්ය.

කළ හැකි කිසිවක් නොවූ තැන ත්‍රීවීල් රියදුරා වාහල්කඩ පොලිසියට සිද්ධිය පැමිණිලි කරන්නට පොලිසිය බලා යළි තම ත්‍රීවීලරය ධාවනය කළේය. එහිදී පොලිස් නිලධාරීන් හමුවේ තමාට වූ කරදරය ත්‍රීවීල් රථ රියදුරා පැවසුවේය.

එම අවස්ථාවේ කිසියම් අවශ්‍යතාවකට වාහල්කඩ පොලිසියට පැමිණ සිටි වාහල්කඩ ඩී 6 ප්‍රදේශයේ තරුණයෙක්ද මෙම සිද්ධිය අසාගෙන සිටියේය. සිද්ධිය අසා සිටි ඔහු එහි කියැවුණු වගතුග අනුව වහාම ක්‍රියාත්මක වී පැමිණිල්ල පොතේ සටහන් කිරීමට පෙර පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මේ සොරකම කර ඇත්තේ තම සොහොයුරා බවය.

තම සොහොයුරා හොරකමට ඇබ්බැහි වී ඇති බවත් මෙම සිදුවීම දුරදිග නොයවා ත්‍රීවීල් රථ රියදුරාට  සිදු වූ පාඩුවට වී මිටියක් ලබාදීමටද ඔහු එකඟතාව පළ කළේය.

පොලිසිය ත්‍රීවීල් රථ රියදුරාගෙන් කරුණු විමසීමෙන් පසුව ඔහු කියා සිටියේ ඔහුට නැති වූ හාල් මිටියට වී මිටියක් ලබාදෙන ලෙසය. කරුණු සලකා බැලූ පොලිසිය දෙදෙනාගේ එකඟතාව මත වී මිටියක් ලබා ගන්නා ලෙස ත්‍රීවීල් රථ රියදුරුට උපදෙස් දුන්නේය. ඉන් අනතුරුව සහල් හොරාගේ නිවසින් ත්‍රීවීල් රථ රියදුරාට ඔහුගේ සහෝදරයා විසින් වී මිටියක් ගෙනැවිත් දෙන ලදී. එම වී මිටිය යළිත්  වී මෝලට රැගෙන ගොස් සහල් කොටා සහල් උරය අයිතිකරුට භාරදීම සඳහා  ත්‍රීවීල් රථ රියදුරා ක්‍රියාත්මක වූයේය. ඒ අවස්ථාවේ ත්‍රීවීල් රථයට ගොඩ වූ රියදුරා ‘‘ මේවා කාට කාටත් මතක හිටින හොඳ පාඩම්’’ යැයි පවසමින් ත්‍රීවීල් රථය පණ ගන්වා නොපෙනී ගියේය.

කැබිතිගොල්ලෑව  හේමන්ත රණසූරිය

 



අදහස් (0)

ත්‍රීවිලරයේ පිටුපස ගෙනගිය සහල් උරය මගදී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 64 0

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 658 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 783 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 666 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1244 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 723 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 661 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site