IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කත හොරා කන්න ගිහින් වාහනෙත් නැති කරගෙන

මොරගොල්ලාගම සිසිර කැලේගම

අනියම් ඇසුරක පැටලුණු විවාහක දෙදරු මවකට සිය සැමියාත්, අලුතින් මිලදී ගත් මෝටර් රථයත් අහිමි වීමේ පුවතක් තඹුත්තේගම මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබෙයි.

ජීවත් වීමේ අරගලයට මුහුණ දීමට නොහැකි තැන සැමියා බිරියට තම දරු දෙදෙනා බාර දී විදෙස් ගත වූයේය. ඔහු එරට වසර ගණනාවක් තිස්සේ ගතකර ඉපැයූ මුදල බිරියට එව්වේ දරුවන්ගේ අනාගත උන්නතිය වෙනුවෙනි.

එම මුදලින් ඇය මෝටර් රථයක් අලුතින්ම අත් පිට මුදලට මිලදී ගත්තාය. එහි සියලු ලියකියවිලි ඇගේ නමට තිබුණි.

විදෙස් ගත සැමියා මෙරටට පැමිණියේය. ඒ අතරේ බිරිය විදෙස්ගත වූවාය.

වසර ගණනාවක් විදෙස්ගතව සිට පැමිණි ඇය දිනක් මැදියම් රැයේ සැමියා නිවසේ නොමැති අතරේ අනියම් සැමියා කැටුව එහි පැමිණියේය.

නිවසේ තිබූ මෝටර් රථය, ලියකියවිලි සියල්ලද ගෙන වැඩිමල් දියණිය ද කැටුව ඔවුහු නික්ම ගියහ.

විදෙස්ගතව සිට ආ බිරිය අනියම් පෙමක පැටලී ඇති බවත් එයට තම දියණිය අනුබල දී ඇති බවත් සැමියා වටහා ගත්තේය.

දින කිහිපයකට පසු විවාහක සැමියාට වයඹ පුරවරයට අයත් පොලිස් ස්ථානයකට පැමිණෙන ලෙසට පොලිස් පණිවුඩයක් ලැබුණි. ඔහු තම පුතු ද කැටුව එහි ගියේය.

ඒ වන විටත් ඇය මෝටර් රථය ඇය අනියම් සැමියාට නීත්‍යානුකූලව පවරා තිබිණි. ඇය විවාහක සැමියාට හා පුතුට සමු දුන්නාය. ඇය නව සැමියා හා එක්ව නව යුග දිවියට යාමට සූදානම්ය. තම දියණියත් පියා ප්‍රතික්ෂේප කළාය. පියා හා පුතු ඒ සියල්ල දෙස බලා සිටියදී ඔවුහු මෝටර් රථයෙන්ම නැගී නික්ම ගියහ.

ගත වූයේ ටික දිනකි. අනියම් සැමියා  බිරිය හා එම දියණිය නිවසින් පන්නා දමා ඇත. මෝටර් රථය ඔහුගේ නමට පවරා ගන්නා තෙක් ඔහු වහසි බස් දොඩා ඇති බව ඇය වටහා ගත්තාය.

අවසානයේ බිරිය යළි විදෙස් ගත වූවාය. තරුණ දියණියට පියා වෙසෙන නිවසට යාමට ද නොහැකි බැවින් ඇය පිටස්තර බෝඩිමක සිට රැකියාවක නියැළෙන බව ආරංචි වේ.

 



අදහස් (0)

කත හොරා කන්න ගිහින් වාහනෙත් නැති කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17645 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site