ඇය ගෙවිලියකි. පවුලේ වියදම් පියවා ගත්තේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී හේන් හා කුඹුරු වගා කිරීමෙනි.
නිසි පරිදි වර්ෂාවක් පවා නොමැතිව ඇයට අයත් හේනේ වට්ටක්කා වැල් කීපයක් වගා කළේ දැඩි වෙහෙස මහන්සියක් දරමිනි. ඇයගේ අප්‍රතිහත ධෛර්ය නිසාම වට්ටක්කා වැල් සරුවට වැඩෙන්නට වූ අතර වැල් කීපයක්ම පල දරමින් තිබිණි. වට්ටක්කා ගෙඩි හොඳින් පැසුණු විට වැඩි ආදායමක් ලැබිය හැකි බව අත්දැකීමෙන් දන්නා ඇය වට්ටක්කා ගෙඩි ටික තණකොළ වලින් වසා දැමුවේ නිසි කල එළඹෙන තෙක් ය.
එහෙත් ඇගේ වට්ටක්කා වගාව දෙස ඇස ගසා ගෙන සිටි යාබද ගෙවත්තක පදිංචි කාන්තාවක් වට්ටක්කා ගෙඩි කීපයක් සොරකම් කර රැගෙන ගියේ ගමේ සති පොළට රැගෙන ගොස් අලෙවි කර පහසුවෙන්ම යම් ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.
වට්ටක්කා වගාවේ තත්ත්වය සොයා බලන්නට හේන් යායට ගිය එහි හිමිකාරියට දැකගන්නට ලැබුණේ සරුවට වැඩී තිබූ වට්ටක්කා ගෙඩි කීපයක්ම කිසිවකු විසින් කඩාගෙන ගොස් ඇති බවකි. අස්වැන්න සොරකම් කිරීමෙන් කුපිත වූ ඇය හතර අතට ඇසෙන සේ දෙස් දෙවොල් තබන්නට වූවාය.
ඇගේ විලාපය අසා සිටි යාබද හේන් යායක තරුණයකුගෙන් ඇයට ලැබුණේ අපූරු උපදෙසකි.
‘‘අක්කෙ කෑගහලා වැඩක් නැහැ. ඔයා ඔය ඉතුරු වෙලා තියන වට්ටක්කා ගෙඩිවල නැටි ටිකත් අරං පොළට යන්න. ගිහිල්ලා අහවලා විකුණන වට්ටක්කා ගෙඩිවලට තියලා බලන්න. හොරා අල්ලා ගන්න පුළුවන්’’ යැයි පවසමින් හොරකමට ප්‍රසිද්ධ ප්‍රදේශයේ කාන්තාවක්ගේ නම කියා සිටියේ පහසුවෙන්ම වට්ටක්කා සොරාගත් අය අල්ලා ගැනීමට ඇයට තවත් උපදෙස් කීපයක් ද ලබා දෙමිනි.
තරුණයා කී පරිදිම වට්ටක්කා ගෙඩි රැගෙන යෑමෙන් පසු ඉතිරි වූ නැටි කීපයද රැගෙන සති පොළට ගිය ඇයට දැකගන්නට ලැබුණේ කිසිදු වගාවක් නොකරන එහෙත් හොරකමට පමණක්ම ප්‍රසිද්ධ තරුණයා කී කාන්තාව වට්ටක්කා ගෙඩි කීපයක්ම සතිපොළේ පැත්තක තබා ගෙන අලෙවි කරන අයුරකි.
වට්ටක්කා හොරකම් කළ කාන්තාව සතුව තිබූ වට්ටක්කා ගෙඩිවල නැට්ටට නැට්ට තැබූ වට්ටක්කා වගාවේ හිමිකාරියට තරුණයා කී කතාව තහවුරු කරගන්නට වැඩි වෙහෙසක් දරන්නට සිදු නොවුණි.
අනුන් දුක් මහන්සියෙන් හදා වඩා ගන්නා භවබෝග හොරකම් නොකර මහන්සියෙන් වගාවක් කර ගන්නැයි උපදෙස් දුන් වට්ටක්කා වගාවේ හිමිකාරිය හොරකමේ ගිය කාන්තාවට අතින් පයින් පමණක් නොව ලුණු ඇඹුල් සහිත වචනයෙන්ද සංග්‍රහ කළේ සති පොළට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරිපිටදීමය.
වට්ටක්කා හොරකම් කළ කාන්තාවගේ යට ගියාව දන්නා තවත් බොහෝ දෙනෙකුද ඇයට දෙස් දෙවොල් තබන්නට වූ අතර වට්ටක්කා වෙළෙඳාම පැත්තක තබා හෙමින් සීරුවේ මාරුවූ ඇය හදිසි අවශ්‍යතාවකටවත් තවමත් නිවසින් පිටතට නොපැමිණෙන බව ගම්මු පවසති.
වියලුව වාර්තාකරු
පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ
පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි
අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා
අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර
තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා
උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟුල් දිනයේ දී ගුණකථනයක් කිරීම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නැට්ටට නැට්ට පූට්ටු කර හෙර කත අල්ලාගෙන