කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අරක්කු දැක ගොළුවකු කතා කිරීමේ පුවතක් කළුතර නෑබොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙම සිදුවීම වී ඇත්තේ අවමඟුල් නිවෙසකදීය. ඔහු එම ගම්මානයට පැමිණියේ මෑතකදීය. වැඩි කතා බහක් නොමැති හෙයින් මේ ගැන ඔහුගේ පවුලේ උදවියගෙන් විමසද්දී පවසා ඇත්තේ ඔහුට කථන අපහසුතාවක් ඇති බවය.
අධික ලෝබ කමින් පෙළෙන පවුලක් ලෙස හංවඩු ගැසී තැබුණ මේ පවුලේ ගොළු තැනැත්තා ද ඊට නොදෙවෙනි අයකි.
ගමේ වැදගත් නිවෙසක මළගෙයක් සිදු වන්නේ ඔය අතරේදීය.
මළගෙයට ගොළු පවුලේ සියලුම දෙනා සහභාගි වන්නේ වේලක් දෙකක් නොමිලයේ කෑමට ලැබෙන බවද යටි හිතේ රඳවා ගනිමිනි.
මේ අතර මළගෙදර ඥාතියෙක් මළගෙදර වළ කපන පුද්ගලයන් සඳහා දීමට අරක්කු බොතල් කිහිපයක් ගෙනාවේය. ඔහු අදාළ පිරිසට සංග්‍රහය ලබාදෙමින් සිටිය දී කථන ආබාධිත පුද්ගලයා ද එම ස්ථානයට පැමිණියේය.
ගොළු භාෂාවෙන් ඔහු යමක් ඉල්ලා සිටියත් එය අනෙක් පිරිසට තේරුම් ගත නොහැකි විය. එබැවින් අනෙක් පිරිස එය නොසලකා හැරියහ. ගොළු පුද්ගලයාගේ ඉල්ලීම එන්න එන්නම වැඩිවිය.
එක්වරම අධික මත් ලෝලියකු වූ ගොළු පුද්ගලයා තමන් තමන්ගේ ව්‍යාජ ගොලු බව අමතක වී ‘‘අයියේ මටත් අරක්කු චුට්ටක් දෙන්න” යැයි ඉල්ලා ඇත්තේ ඉළව් ගෙදර පැමිණි මිනිස්සු මවිතයට පත් කරමිනි.
ඒ සමගම ගමේ වැඩිහිටි පුද්ගලයකු උපහාසයට පවසා ඇත්තේ අරක්කු දැක්කම, ගොළුවොත් කතා කරන බවයි.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අරක්කු දැක්කාම බොරුව අමතක වෙලා