රෑට රෑට වගාව කන හොරුන් රැළ අතේ මාට්ටු අඹුසැමි යුවළකගේ එළවළු වගාවේ අස්වැන්න සොරකම් කළ අපූරු සොරුන් කණ්ඩායමක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 19 November 2022
මෝටර් සයිකලේ ලියුම් බෙදන්න බයිසිකල් කබලේ බෙල් එකක් හයිකරගෙන දිගු කලක් පාපැදියෙන් ගොස් ලියුම් බෙදූ ගම්බද ප්‍රදේශයක සේවය කළ තැපැල් පියුන් මහත්මයකු ඉතා අමාරුවෙන් මිලදී ගත් අලුත්ම අලුත් යතුරුපැදියට මළකඩ කෑ පාපැදි බෙල් එකක් සවිකර ගැනීමට සිදුවූ පුවතක් මොර සමග ගලක් යන අරුත් දෙන නමක් ඇති දකුණේ ප්‍රදේශයකින් වාර්තා වේ. 19 November 2022
දොස්තරගෙන් ලාන්සරයක් වටිනා බිල්පතක් ඇවිද ගැනීමට නොහැකි කකුල් දෙකම පණ නැති වී ගිය රෝගියෙක් දොස්තර හමුවට ගියේය. 19 November 2022
ලෙඩ බලන්න ගිය ඥාතියා රෝගියාගේ ඇඳේ දමලා ලෙඩා බලන්න ගිය ඥාතිවරිය ලෙඩා ඇඳෙන් බස්සවා තමන් ඇඳේ වැතිර සිටීමේ පුවතක් ගමේ ගොඬේ කතා බහකින් අසන්නට ලැබුණේ මෙසේය. 19 November 2022
වාහනය ඇඟේ හැපුණැයි බොරු චෝදනා කළ ‘අපතයාට’ වැඩ වරදී වාහනය තමාගේ ඇඟේ ගැටුණු බවට බොරුවට චෝදනා කරමින් රියැදුරන්ගෙන් මුදල් ගසා කෑමේ කූට ජාවාරමේ නිරත පුද්ගලයන් පිළිබඳව කොළඹ පමණක් නොව වෙනත් නගරවලින්ද නිරන්තරව අසන්නට ලැබේ. 19 November 2022
කුඩ්ඩෙකුට පෙම්කර මූණත් නරක් කරගෙන කුඩ්ඩකු සමග නොදැන අනියම් ඇසුරක් පැවැත් වූ තරුණියකට මුහුණෙන් පැත්තකුත් රන් ආභරණත් අහිමිවීමේ පුවතක් අනුරාධපුරයට නුදුරු ගමකින් ඇසෙයි. 18 November 2022
පූසාගේ මළගමදා ආරක්ෂක නිලධාරින් කුලියට හඬලා විදේශික යුවළ ආසියානුවෝය. තරමක් දිගු සංචාරයකට පැමිණ සිටි ඔවුන් නැවතී සිටියේ කොළඹට ආසන්න පෙදෙසක නවාතැනකය. ඔවුන්ගේ සුරතල් පූසා නිදා ගත්තේ ඔවුන්ගේ ඇඳේය. පසුගියදා අසනීප වූ පූසා සත්ව රෝහලක දී මිය ගියේය. මරණය ඇසූ දෙදෙනාම හඬා වැළපෙන්නට වූහ. පූසා වැළලීමට වළක් කැපූ ආරක්ෂක නිලධාරියාට රුපියල් පන් දහසක් ලැබිණ. 17 November 2022
සුද්දිට උදව්වට ගිහින් රස්සාවත් නැතිවෙලා වෙරි මතින් වැල්ලේ වැටෙන්න ගිය සුදු කතට ආධාරකයක් වී තමා ඇතුළු දරු පවුලම අනාථ කරගත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 16 November 2022
බලු තොප්පියක් දාගෙන ජෝඩුවක් බලුවෙලා දිනපතා පාහේ උදේ නිවස ඉදිරිපිට පාරේ බල්ලන් කැතකර තිබෙනු දුටු නිවැසි කාන්තාව මේ බල්ලන්ගෙන් බැල්ලියන්ගෙන් පුදුම කරදරයක් තමයි තියෙන්නේ කියා කියනු ඇසුණු අල්ලපු ගෙදර නෝනා ඒ බලු කතාව පටලවාගෙන හොඳින් ඇසුරු කළ පවුල් දෙක අතර විරසකයක් හදාගත් සිද්ධියක් පන්නිපිටිය දෙපානම ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. 15 November 2022
මනමාලි මනාලයාගේ කනින් රිංගලා මනාලියක බැලීම සඳහා ගිය මනාලයාගේ රුපියල් ලක්ෂ තුනක මුදලක් අතුරුදන් වීමේ පුවතක් ලංකාදීපයට වාර්තා වෙයි. 14 November 2022
බලු ගනුදෙනුවෙන් අසල්වැසියා බලුවෙලා අල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000 කට හොරෙන් විකුණා මාට්ටු වූ පුවතක් දකුණු පළාතේ එක්තරා ගමකින් ඉකුත්දා අසන්නට ලැබිණ. 12 November 2022
මැඩම්ගේ විනෝදාංශය මාට්ටු වී මුදලාලි හාමිනේ රෙදි ගලවයි විනෝදාංශයක් ලෙස ඉතා සූක්ෂම අන්දමින් වෙළෙඳ සල්වලින් බඩු සොරකම් කරන ධනවත් කාන්තාවකට අපූරු පාඩමක් ඉගැන්වීමේ පුවතක් හසලක ප්‍රදේශයෙන් වාර්තා විය. 11 November 2022
ඇහැ බේරාගන්න ගිහින් අමුතු කුණක් කන්න වෙලා අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේ දී දෝස සහිත ඇස, දෝස රහිත ඇසෙන් ආවරණය කිරීමට ගොස් අලි අමාරුවක වැටුණු රියැදුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 10 November 2022
සාදයට ඇවිත් බිරියට බැල්ම දැමූ තරුණයන් දෙදෙනාට වැඩ වරදී සුහද හමුවකට ඇරියුම්කොට කට වරද්දාගත් මිතුරන් දෙදෙනෙකුට පොල්ලක් අරන් එළවා දැමූ පුවතක් අම්පාරේ ඈත එපිට එක් හේන් යායකින් වාර්තා වේ. 09 November 2022
පුතුට මගුලක් බලන්න ගියාම තාත්තාට මනාලියගේ අම්මා දපනේ වැටිලා සිය බාල පිරිමි දරුවාට කතා කර තිබුණු මනාලිය බැලීමට නිවෙසට ගිය අවස්ථාවේ දී මනාලියගේ මවගේ දුරකතන අංකය ඉල්ලා ගෙන ඇය සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන ඇතැයි කියන සිව් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 08 November 2022
ගමට ආ ගුරුතුමා වට්ටියේ ඔන්චිලි පැදලා නාගරික ප්‍රදේශයක ජීවත් වූ තරුණයකු ගුරුපත්වීමක් ලැබ ගමේ තිබූ දුෂ්කර පාසලකට ගොස් ගමේ කොලු කුරුට්ටන් සමග එක්ව ගහේ බඩු බීමට ගොස් ගැරුම් වට්ටියක ඔන්චිලි පැදීමට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ. 05 November 2022
සාදයට එක්වූ පුංචි මන්ත්‍රීලා බිලට පොල්ල තියා මාරුවෙලා කොළඹින් දුර බැහැර ප්‍රදේශයක විශේෂ වැඩසටහන් කටයුත්තක් සඳහා පැමිණි මාධ්‍ය ආයතනයක කාර්ය මණ්ඩලයේ පිරිසකට අකරතැම්බයකට මුහුණ දීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි. 05 November 2022
‘උපාසක වෙදාගේ’ අනඟ රැඟුම ගම පුරා පැතිරිලා මහත් සීලාචාරකමක් ගමට පෙන්වමින් ජීවත් වූ වෙද මහත්මයකු හොර රහසේ තහනම් ගසක ගෙඩි කෑමට ගොස් මුහුණ පෑමට සිදුවූ අනපේක්ෂිත අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 05 November 2022
නවාතැනට බාධා කළ මීයාගෙන් ගෘහණියට පාඩමක් තම නිවසේ රෙදි සෝදන යන්ත්‍රයට වැඩි ආරක්ෂාවක් සැපයීමට යාමෙන් එයට ඇතුල් වූ මීයකු විසින් ගෙහිමි කතට කදිම පාඩමක් ඉගැන්වීමේ සිදුවීමක් මහනුවර නගරයේ පිහිටි ගම්මානයකින් අසන්නට ලැබිණි. 05 November 2022
හොල්මනකට බියවූ ආරක්ෂකයා පළාතම දෙවනත් කරලා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකට නුදුරින් ප්‍රසිද්ධ විහාරයක රජයේ ආරක්ෂාව යොදවා රාජකාරියේ සිටි ආරක්ෂක නිලධාරියකු පසුගියදාක හිමිදිරිය උදා වෙන්නට මත්තෙන් හොල්මන් අවතාරයකට බිය වූ පුවතක් ගම් නියම් ගම් පුරා පැතිර ගොස් තිබුණි. 05 November 2022
සිඟිත්තියක් මට්ටු කළාට නැන්දම්මා ලේලියට යුද ප්‍රකාශ කරලා වයස අවුරුදු තුනක දියණියට සිය මව විසින් අතින් පහරක් එල්ල කළා යැයි උරණ වූ මිත්තනිය ලේලියට කොසු මිට කැඩෙනතුරු පහර දීමෙන් ලේලිය රෝහලේ ද මිත්තනිය කූඩු කර ඇතැයි ද කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි. 05 November 2022
මහත්තුරු තුන් දෙනයි: මැස්සයි කඩේ මුදලාලි උසාවි යවලා දකුණු පළාතේ එක්තරා නගරයක පාසලක් අසල තිබූ ආපන ශාලාවකි. හොඳින් හැඳ පැළඳගත් වැදගත් යැයි සිතිය හැකි තිදෙනකු මෙම ආපන ශාලාවට පැමිණියේ දිවා ආහාරය ලබා ගන්නා අටියෙනි. 04 November 2022
බිරිඳට තිස්පන්දාහයි සැමියාට පන්දාහයි ඇය විශ්‍රාමික විදුහල්පතිනියකි. ඇයගේ සැමියා පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකි. ඔහු ලද අර්ථසාධකය බිරිඳගේ බලවත් ඉල්ලීමට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට යෙදවීය. 03 November 2022
ගරුඬෙක් ඇඳුම් ගලවයි ගරුඬකු කළ අබැද්දියක් හේතුවෙන් උපන් ඇඳුමෙන් කෙසෙල් පඳුරක සැඟවී සිටි සැමියකුට බිරිඳ චීත්ත රෙද්දක් අඳින්නටදී විලි වසා ගැනීමට සැලසූ පුවතක් දිගාමඩුල්ලේ ගමකින් වාර්තා වේ. 02 November 2022
පින් අඩිකාරයාට පාඩමක් උගන්වන්න ගිහින් දවල් තරු පෙනිලා පිනට අඩිගහන මිතුරාට අමතක නොවන පාඩමක් උගන්වන්න ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගත් මිතුරන් පිරිසක් පිළිබඳව අපූරු පුවතක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ. 01 November 2022
මඟුල් ගෙදර ගෙන්වන නෑයන් තෝරාගන්න තුණ්ඩු ඇදලා සිය මංගල්‍යයට පැමිණෙන ආරාධිත පිරිස සීමා කිරීමට ආරාධිත පිරිසේ නාමලේඛනයෙන් කොටසක් කුසපත් ඇදීමේ ක්‍රමයට තෝරා ගැනීමේ අපූරු සිදුවීමක් පසුගියදා ඌව පළාතේ උපනගරයකින් අසන්නට ලැබිණි. 31 October 2022
අල්ලපු ගෙදර කත විවාහ කරගන්න සැමියාගෙන්ම අහලා සුරූපී බිරියට මංගල යෝජනාවක් රැගෙන පැමිණි තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ. 29 October 2022
බේත වැඩ කරලා: ලෙඩා හෙද නෝනා වඩාගෙන ගිහින් රූමත් දේශීය වෛද්‍යවරියක සැමියා සහ දරුවා අතහැර ප්‍රතිකාර ගැනීමට පැමිණි කඩවසම් තරුණයකු සමග පැන යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ කඳුකර ප්‍රදේශයකින් වාර්තාවේ. 28 October 2022
පුතුගේ උපන්දිනයේදී මිතුරන් බඹරු වෙලා පුතුගේ උපන්දිනය නිමිත්තෙන් පාසල් මිතුරන් සමග බොන්න දෙයක් ගන්න යැයි පවසා දුන්නු රුපියල් දෙදහසින් පුතු අමුතුම බීමක් මිතුරන් සමග බීමෙන් අලි අමාරුවක වැටුණු මවක් පිළිබඳව දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 27 October 2022
රාජකාරි වෙලාවේ හොර ගමනක් ගියාම බල්ලෙක් පාඩමක් උගන්වලා රාජකාරි කටයුත්තකට යැයි සේවා ස්ථානයෙන් බැහැරව අනියම් බිරිය බැලීමට ගොස් ඇයගේ නිවෙසේ සිටි සුනඛයා සපාකෑමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ. 26 October 2022
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026