IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හොරාට සල්ලි දී අයිතිකාරයා තමන්ගේ බඩු ගෙදර ගෙනිහින්

කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ගාල්ල දිස්ත්‍රික්කයේ දියුණු වෙමින් පවතින නියම් ගමකි. මෙහි බොහෝ පිරිසක් තම ජීවිකාව බෝග වගාවෙන් සහ තේ වගාවෙන් සරිකර ගත්හ.

මෙම ප්‍රදේශයේ රජයේ රැකියා කරන යුවළක් සිටින නිවෙසකට සොරකු රිංගා එහි තිබූ ගෑස් ළිපක් සහ රයිස් කුකරයක් සොරාගෙන ගොස් තිබිණි. මේ ගැන ගෙහිමියන් සොයා බැලු‍වද හෝඩුවාවක් නැති කල්හි නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ටද මේ පිළිබඳව ඔවුහු පැමිණිලි කළහ.

මෙම සිද්ධියෙන් දින කීපයක් ගතවිය. තම නිවසේ මෙම උපකරණ දෙකම නොමැතිවීම හේතුවෙන් තම ආහාර පිසීම ආදි කටයුතු කිරීමට මෙම නිවැසියන්ට ඉතාමත් අපහසු තත්ත්වයක්ද උදාවී තිබිණි.

කෙසේ වෙතත් එක් දිනක උදෑසන ගමේ කාන්තාවක මෙම නිවෙසට පැමිණ ගෙහිමියන්ට පවසා සිටියේ ඔවුන්ගෙන් සොරකම් කරගන්නා ලද රයිස් කුකරය සහ ගෑස් ළිප එම නිවෙස්වලට සමීපයේම තිබෙන නිවසක තිබෙන බවයි.

මේ ගැන දැනගත් ජෝඩුව මේ ගැන සොයා බැලීම සඳහා කාන්තාව කී නිවසට ගොස් එබිකම් කරන්නට වූහ. සිද්ධිය ඇත්තක් බව වටහා ගැනීමට මෙම යුවළට වැඩි වේලාවක් නොගිය අතර එම භාණ්ඩ දෙකම තමන්ගේ නිවසින් සොරකම් කරගෙන ගොස් තිබූ දේවල් බව එම දෙපලට ඒත්තු ගියේය.

පසුව මේ ගැන භාණ්ඩ තිබූ නිවසේ අයගෙන් විමසා සිටි අතර එම භාණ්ඩ ලබාදීමට නම් තමන්ට රුපියල් නමදාහක මුදලක් ලබා දෙන ලෙස භාණ්ඩ තිබූ නිවසේ සිටි කෙනකු මෙම යුවළට පවසා තිබේ.

පසුව මෙම යුවළ මුදල් රැගෙන එන්නම් යැයි ඔවුනට පවසා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට මේ බව දන්වා සිටීමට කාර්යාලයට ගියහ. එහි ස්ථානාධිපතිවරයාට සිද්ධිය පැවසූ මෙම යුවළට ඔහු පවසා ඇත්තේ භාණ්ඩ තිබේනම් ඒ අය ඉල්ලා සිටි මුදල ගෙවා භාණ්ඩ දෙක අත්‍යාවශ්‍ය නිසා රැගෙන යන ලෙසයි.

පසුව මේ දෙදෙනා අනේ කාලේ වනේ වාසේ කියා තමන්ගේම භාණ්ඩ සොරාගත්  සොර දෙටුවාට මුදල් ගෙවා නැවත රයිස් කුකරය සහ ගෑස් ළිප නිවසට ගෙන යාමට කටයුතු කළහ.
 



අදහස් (3)

හොරාට සල්ලි දී අයිතිකාරයා තමන්ගේ බඩු ගෙදර ගෙනිහින්

pakeer Monday, 27 February 2023 01:13 PM

බොරු කියන්න එපා...

:       1       15

sampath Monday, 27 February 2023 10:57 PM

මේ අය රජයේ සේවකයන් නම් මේක කීයටවත් පිළිගන්න බෑ .අනික සොර බඩු ළඟ තබා ගත්තට පොලිසිය අනිවාර්යයෙන්ම මේ භාණ්ඩ අත්අඩංගුවට ගන්නවා .මේවා ප්‍රබන්ධ කතාවක්

:       0       1

බී අමරසිංහ Tuesday, 28 February 2023 12:18 AM

මේක බොරු තමා. හොර බඩු ලඟ තබා ගැනීමත් නීති විරෝධි ක්‍රියාවක්. ඒවට දඬුවම් නැද්ද

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site