IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


හොර තරාදියෙන් ගම්මිරිස් කිරුවාට කතගෙන් කොසු පහර

පවතින මිලටත් වඩා වැඩි මිලකට ගම්මිරිස් ගන්නවා කියා යතුරු පැදියෙන් ගමට පැමිණි වෙළෙන්දාට අලෙවි කළ කිලෝ දහයක ගම්මිරිස් ගෝනිය හිටි ගමන් කිලෝ හතක් බවට පත්වෙලා. හොර තරාදියක් අරන් බඩු ගන්න ගමට පැමිණි වෙළෙන්දාට ගැමි කත දෙන්නට ගිය කොසු ප්‍රහාරය හමුවේ ආපු පාරත් අමතකව ගිය පුවතක් පස්දුන් කෝරළයේ ගම්මානයකින් වාර්තාවේ.

මේ දිනවල ගම්මිරිස් සඳහා තරමක ඉහළ මිලක් පවතින නිසා ගැමි කාන්තාවක් තම ඉඩමේ තිබූ ගම්මිරිස් අස්වැන්න නෙළා වේළා ගෙදර තිබූ තේ දළු කිරන තරාදියෙන් කිරා, කිලෝ 10කටත් වඩා වැඩි ප්‍රමාණයකින් යුත් ගෝනියක් වෙළෙඳපොළට ගෙන යන බලාපොරොත්තුවෙන් වෙන් කොට තිබිණි.

දිනක් යතුරුපැදියකින් පැමිණි වෙළෙන්දකු ගම්මිරිස් තිබේ නම් වෙළෙඳ පොළේ මිල වෙන්නේ කිලෝවක් රුපියල් 1800ක් බවත් තමා කිලෝවට රුපියල් 2000, ගණනේ ගෙවන බවට පවසා ඇත.

වෙළෙන්දා කියූ පරිදි වෙළෙඳ පොළ මිල නිවැරදි නිසා කාන්තාව තම නිවසේ තිබූ ගම්මිරිස් ගෝනිය වෙළෙන්දාට ලබා දී තිබේ. වෙළෙන්දා ගෝනිය ඔහුගේ තරාදියෙන් කිරා බලා කාන්තාවට රුපියල් 14000ක් ලබාදී ඇති අතර කාන්තාව ඇයි මේ මුදල් අඩුවෙන් කියා වෙළෙන්දාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ‘ඇයි නෝනා කිලෝ හතයිනෙ’ තිබ්බේ කියාය.

එවිට කාන්තාව මොනවා, ඔතන කිලෝ හතක් නෙවෙයි කිලෝ දහයකටත් වඩා වැඩියෙන් තිබෙනවා. අපි හැමදාම අපේ තේ දළු කිරන තරාදියෙන් කිරුවේ ඒක හරියටම හරි. මේකයි එහෙනම් වෙළෙඳ පොළේ මිලටත් වඩා වැඩියෙන් මිලට ගම්මිරිස් ගන්නවා කියා මාව රවටන්න හැදුවේ. හොඳ හිතින් හොර තරාදියත් අරන් බහිනවා දොට්ට කියමින් එම කාන්තාව වෙළෙන්ඳාට කොසු පහරක් එල්ල කළාය.

බුලත්සිංහල ලක්මි කුඩලිගම



අදහස් (0)

හොර තරාදියෙන් ගම්මිරිස් කිරුවාට කතගෙන් කොසු පහර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site