කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
විශ්‍රාම ගිය ගුරු භවතුන් පිරිසක් සිය පෞද්ගලික ධනයෙන් මිලදීගෙන පාසලට පරිත්‍යාග කළ මුද්‍රණ යන්ත්‍රය පිල්ලි යැවූ විදුහල්පතිවරයකු පිළිබඳව ගාලු දිසාවේ පාසලකින් අසන්නට ලැබේ.
අවසන්වරට සේවය කළ පාසලට මේ ගුරු භවතුන් දැක්වූයේ දැඩි සෙනෙහසකි. ලොකු ගෞරවයකි. මේ නිසාම මේ ගුරු දෙවිවරු පාසලට මහත් අඩුපාඩුවක්ව පැවති මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන දීමට කටයුතු කළහ.
මේ යන්ත්‍රය ලැබුණු විට පාසලේ ප්‍රශ්න පත්‍ර ඇතුළු සියලුම මුද්‍රණ කටයුතු කිසිදු වියදමකින් තොරව කර ගැනීමට හැකිවෙතැයි යන්න ඔවුන්ගේ ඒකායන අරමුණවී තිබිණ.
මේ ගුරුවරුන් විශ්‍රාම යාම වෙනුවෙන් පාසල විසින් සමු ගැනීමේ සාදයක් පැවැත්විණ.
ඔවුහු පාසල පුදුම කරවන්නත් එක්ක මේ යන්ත්‍රය පාසලට ප්‍රදානය කළහ. මක් නිසාද යත් විශ්‍රාම යන අයට පාසලෙන් දෙයක් මිස පාසලට දෙයක් නොලැබෙන මෙවන් කාලයක මේ ගුරුවරුන්ගේ ක්‍රියාවෙන් මේ පාසලේ ගුරුවරු ද පුදුමයට පත්වූහ.
ප්‍රශ්නය නම් එය නොවේ. මේ යන්ත්‍ර පාසල් බඩු ලැබීම් පොතේ සටහන්වූ දා සිටම අස්ථානගතව තිබීමය. මේ පිළිබඳව සොයා බැලීමේදී පාසල් ප්‍රජාවට දැන ගන්නට ලැබී ඇත්තේ උපකාර පංති පවත්වන විදුහලේ විදුහල්පතිවරයා උපකාර පන්ති සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට එය පාසලෙන් ගල් කර ඇති බවය.
විදුහල සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු මුදලට පිටින් කර ගන්නා බවද සැලය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පැන්ෂන් ටීචර්ලාගෙන් ලැබුණු තෑග්ග ප්‍රින්සිපල් ටියුෂන් ළමයින්ට දීලා