රජයේ රෝහලේ සායනය රෝගීන්ගෙන් පිරී තිබිණි. උදේ අටට නොම්මර ලබා දීමට කටයුතු කළත්, රෝගීහු උදෑසන තුනේ සිට පෝලිමේ සිටියහ. විශ්‍රාමික හෙද සොහොයුරියක් උදේ නමයට පමණ ප්‍රතිකාර ගැනීමට සායනයට පැමිණියාය. ඇය දුටු හෙදියක් ‘‘අන්න සිස්ටර් ක්ලිනික් එකට එනවා. මම අර පැත්තට යන්නම්’’යි තවකෙකුට පැවසුවාය.
කවුන්ටරයට පැමිණි වියපත් හෙදිය, ‘‘මල්ලිකා නැද්දැ’’යි විමසුවාය. එවිට සාත්තු සේවිකාවක් ‘‘මිස් කොහාට හරි ගිහිල්ලා’’ යි කීවාය. ‘‘මට නොම්මරයක් ගන්න ඕනේ’’ ඇය කීවාය.
‘‘අනේ සිස්ටර් අද නම් බැහැ ගොඩාක් ලෙඩ්ඩු ඉන්නවා’’ සාත්තු සේවිකාව පැවසූ අතර විශ්‍රාමික හෙදිය අංකයක් ලබා ගැනීම සඳහා පෝලිමට එකතු වූවාය. මේ අතර පෝලිම අසලට පැමිණි කාන්තා ආරක්ෂක නිලධාරිනියක්, ‘‘කට්ටිය හරියට පෝලිමේ ඉන්න. පනින්න එපා’’ යැයි පවසා නොම්මර නිකුත් කරන කවුන්ටරය අසලට පැමිණියාය. තමා සමග පැමිණි රෝගියකුගේ සායන පොත කවුන්ටරයට භාරදුන් ඇය නොම්මරයක් ලබා ගත්තාය. සිද්ධිය දුටු විශ්‍රාමික හෙදිය, ‘‘අපි පෙන්ෂන් ගියාම අවලංගු කාසි වගේ’’ තමාට ඉදිරියෙන් සිටි රෝගියෙකුට පැවසුවේ ඉතා සංවේගයෙනි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහලක සිදුවීමකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd